යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කළ කොතලාවල ආරක්ෂක පීඨ පනත මේ ආණ්ඩුවත් ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බව සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත් (12) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජාතික සංවිධායකවරයා මෙසේද කීය……මේ පනත් කෙටුම්පත ගෙනවිත් තිබෙන්නේ අපේ රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කරන්න හෝ සන්නද්ධ හමුදා ශක්තිමත් කරන්න හෝ අනාගත පරපුර සමෘද්ධිමත් කරන්න නෙවෙයි; අපේ රටේ සන්නද්ධ අංශ සහ ජාතික ආරක්‍ෂාව දඩමීමා කරගෙන පවතින අධ්‍යාපනයට බරපතළ ඛේදවාචකයක් අත්කර දෙන්නයි. කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය ස්ථාපිත කර තිබෙන්නේ 1981 අංක 68 දරන ‘ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්‍ෂක විද්‍යායතනය’ කියන පනත මගිනුයි. එයට අවස්ථා කිහිපයකදී සංශෝධන සිදු කෙරුණා. 1988 සිදුකළ පළමු සංශෝධනයෙන් විශ්වවිද්‍යාලය කියන වචනය නොයොදා අධ්‍යාපන ආයතනය කියන නමින් සංශෝධනය කරනවා. විශ්වවිද්‍යාල පනත යටතේ තියෙන සියලු වගන්තිවලින් මෙම ආයතනය නිදහස් කරනවා. ඉන් පසුව 2007දී විශ්වවිද්‍යාලයක් හැටියට නම් කරන සංශෝධනය සිදුකරනවා.
අද මෙම පනත ගේන්නේ මේ ආයතනයේ උසස් අධ්‍යාපන අවස්ථාවන් පුළුල් කරන්න නෙවෙයි; කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අද තියෙන පරිපාලනයට ඉහළින් වෙනම පාලක මණ්ඩලයක් ස්ථාපනය කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සතු බලතල ලබාදෙන්නයි. සමහර විට ඊට වැඩිය බලතල ලබාදෙන්න සූදානමක් තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලබාදී තිබෙන බලතල මිලිටරි පරිපාලන ව්‍යූහයකට පවරන්න මෙම පනත ගෙනවිත් තිබෙනවා. මේ පනත් කෙටුම්පත පිළිබඳව අධ්‍යාපන බලධාරීන්, නිලධාරීන්වත් දැනුවත් නැහැ. මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැවරී තිබෙන බලතල අතර උපාධි ලබාදීමේ ආයතන නම් කිරීම සහ ඊට අදාළ ව්‍යූහයන් තීරණය කිරීමේ බලතල තිබෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල මෙන්ම පෞද්ගලික ආයතනවලට උපාධි ලබාදෙන්න පුළුවන්ද කියන නිර්ණායක ලබාදෙන්නේ මෙම කොමිෂන් සභාවයි. ඒ වෙනුවෙන් කොමිෂන් සභාවට ආචාර්ය, මහාචාර්යවරුන් සම්බන්ධ වෙනවා. අද වෙනකොට මෙම කොමිෂන් සභාව දේශපාලන බලයට නතුවී තිබුණත් එම කොමිෂන් සභාවට පත්කර තිබෙන්නේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්.
මේ පනත මගින් ඒ සියලු බලතල යෝජිත මිලිටරි ව්‍යුහයට ලබාදෙන්න සූදානම් වෙනවා. මේ පනත මගින් බලය ලබාදෙන්න යෝජිත පාලක මණ්ඩලය පිළිබඳව සඳහන් කර තිබෙනවා. ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීන්, යුද හමුදාපතිවරයා, නාවික හමුදාපතිවරයා, ගුවන් හමුදාපතිවරයා, එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නාමිකයෙකු සහ භාණ්ඩාගාර ලේකම්වරයාගේ නියෝජිතයෙක් යන අය මෙයට ඇතුළත්. මේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා බවට පත්වෙන්නේ ඉහළ හමුදා නිලධාරියෙක්. ඔහු ඇතුළු පාලක මණ්ඩලයේ 09 දෙනාගෙන් 07 දෙනෙක්ම මිලිටරි ආයතන හා සම්බන්ධයි. අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් නම් කරන නියෝජිතයා පමණයි. ඔහු නාමික නියෝජිතයෙක්. ඊළඟට භාණ්ඩාගාර නියෝජිතයෙක් පත් කරන්නේ මහජන මුදල් ලබාගන්න.
අපේ රටේ විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයන් බඳවා ගන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන්. ඉන් පසුව ඔවුන් වෙත උපාධි ලබාදෙන ක්‍රමවේද ඇතුළේ සියල්ල නියාමනය කරන්නේ මේ කොමිෂන් සභාවෙන්. නමුත් පනතට අනුව මේ කියන විශ්වවිද්‍යාලයේ සියලු බලතල පවරා තිබෙන්නේ මිලිටරි ව්‍යුහයටයි. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 128වැනි වගන්තියේ උපාධි ලබාදීමේ සුදුසුකම් දක්වා තිබෙනවා. මේ වගත්තියට පිටින් ආරක්‍ෂක නිලධාරීන්ට සහ වෙනත් පුද්ගලයන්ට උපාධි ලබාදීමේ බලතල මෙම ආයතනයට ලබාදෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට එහා ගිය බලතලත් මේකට ලබාදෙන්න යෝජනා කරනවා. ශික්‍ෂණ රෝහලක් පවත්වාගෙන යාමේ බලතලත් මේ පනත මගින් අදාළ අධිකාරීන්ට ලබාදෙන්න යෝජනා කරනවා. පහුගිය කාලේ සයිටම් ආයතනය විසින් ශික්‍ෂණ රෝහලක් තමන්ගේ ලාභ අපේක්‍ෂාව වෙනුවෙන් නිර්මාණය කළා. එවැනි ශික්‍ෂණ රෝහලක් මෙම ආයතනයටත් ලබාදෙන්න මේ පනත මගින් උත්සාහ කරනවා
මේ පනත යටතේ මිලිටරිකරණයට අදාළ ඉඩකඩ ලබාදෙනවා. ශිෂ්‍යයින්ගේ ශිෂ්‍ය සංගම්, ආචාර්යවරුන්ගේ ආචාර්ය සංගම් සහ අනධ්‍යයන සේවකයින්ගේ අනධ්‍යයන සේවක සංගම් පිහිටුවීමට 1978 පනත මගින් විශ්වවිද්‍යාලවලට ඉඩ ලබාදි තිබෙනවා. මේ පනත යටතේ ඒ සියලු අවස්ථා අහෝසි කරනවා. මේ පරිපාලනය සම්පූර්ණ මිලිටරිකරණ ව්‍යුහයක් පත් කරනවා. ඔවුන්ට රටේ සාමාන්‍ය නීතියෙන් එහා හමුදා නීතිය යටතේ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් ලබාදෙන්න යනවා. ගුවන් හමුදා පනත, හමුදා පනත, වගේ පනත්වලින් පනවා තිබෙන විනය නියෝග මේ ආයතනයටත් අදාළ කෙරෙනවා.
විශ්වවිද්‍යාලයක් කියන්නේ නිදහස් භූමියක්. හුදෙක් පංති කාමරයක් නොවෙයි. නමුත් මේ පනත මගින් නිර්මාණය කෙරෙන ආයතන තුළ ශිෂ්‍යයින්ගේ නිදහස සම්පූර්ණයෙන් සීමා කර ති
මෙම අවස්ථාවට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික කමිටු සාමාජික ජීවන හරිශ්චන්ද්‍ර, යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අරුල් කෝගිලන් යන අයද සහභාග වූහ.