එළඹෙන ජූනි මාසයේ සිට රජයේ ලියාපදිංචි පෙරපාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2500ක දීමනාවක් ලබා දීමට කටයුතු කරන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.
මෙම දීමනාව පළවෙනි අදියරේදි ලබා දෙන දීමනාවක් පමණක් බවත් 2014 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් රුපියල් 2500ක් ලබා දීමට ගත් තීරණය 2015 යහපාලන ආණ්ඩුව මගින් අත්හිටවා එම දීමනාව රුපියල් 250ට අඩු කල බවත් නැවත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වූ පසු මා විසින් කල ඉල්ලීමකට අනුව එම මුදල නැවතත් ලබාදුන් බව පැහැදිළි කළේය. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිණි.