22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ගාසා තීරයේ සටන් නවත්වන්න. එ.ජා.සංවිධානයෙන් ඉල්ලීමක්

ගාසා තීරයේ සටන් නවත්වන්න. එ.ජා.සංවිධානයෙන් ඉල්ලීමක්

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගාසා තීරණයේ හටගෙන ඇති ගැටුම් වහා අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ රැස් වූ අවස්ථාවේදීයි.

එහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පෙන්වා දී ඇත්තේ ගාසා තීරයේ ගැටුම් තවදුරටත් පැවතිය හොත් එය කලාපීය අර්බුදයක් බවට පත්විය හැකි බවයි. ගත වූ සතියේදී පමණක් පලස්තීන සටන්කාමීන් විසින් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර 3,000කට වැඩි ප්‍රමාණයක් එල්ල කර තිබෙනවා. ඊයේ දිනයේදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් කාන්තාවන් දස දෙනෙකු සහ ළමුන් දස දෙනෙකු ඇතුළු පුද්ගලයින් 42 දෙනෙකු මියගිය බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments