ගෙවී ගිය සැප්තැම්බර් මාසය මෙතෙක් වාර්තා වී ඇති උෂ්ණත්වය අධිකම මාසය බව හෙළි වී තිබේ. මේ බව ප්‍රකාශ කරන්නේ කොපර්නිකස් නම් කාලගුණ ආයතනයයි. එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසය සමග සසඳන විට සෙල්සියස් අංශක 0.05ක වැඩිවීමකි. විද්‍යාඥයන් ප්‍රකාශ කරන ආකාරයට මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන තාප විමෝචනය එමගින් පැහැදිලි වේ.
කොපර්නිකස් යනු යුරෝපා සංගමයේ පෘථිවි නිරීක්ෂණ වැඩසටහනය. එය පවසන පරිදි සයිබීරියානු ආක්ටික් කලාපයේ සාමාන්‍ය උෂ්ණත්වය දිගින් දිගටම වැඩිවෙමින් පවතී. එසේම චන්ද්‍රිකා ඡායාරූපකරණය ආරම්භ කළදා පටන් වාර්තා වූ ආක්ටික් සාගරය ආශ්‍රිත හිම තට්ටුවේ දෙවන පහළම මට්ටම වාර්තා වී තිබේ. මේ වන විට උණුසුම් තත්ත්වය මදක් අඩුවුවද යුරෝපයට උණුසුම් කාලයකි. ගෝලීය වශයෙන් සිදුවූ මෙම උෂ්ණත්වය ඉහළ නැගීම කැලිෆෝනියාවේ හා ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි හටගැනීමටද බලපෑවේය. DEATH VALLEY ආශ්‍රිතව එක් දිනක ඉහළම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 54.4 (ෆැරන්හයිට් අංශක 130) සටහන් වීමද මේ සඳහා ප්‍රබල ලෙස දායක වී තිබිණි.
අනෙක් අතට දකුණු දිග ප්‍රංශයට සෙන්ටිමීටර පනහකට මදක් වැඩි වර්ෂාවක් එක් දිනක් තුළ පතිත වීමෙන් එහි ප්‍රදේශ රැසක් ජල ගැනීමට ගොදුරු වූයේය. ප්‍රංශ කාලගුණ අංශ පවසන්නේ වසර 100කට වරක් මෙවැනි සිදුවීමක් වාර්තා විය හැකි බවයි. දැන් එය සතියකට දෙවතාවක් සිදුවී ඇත. ‘අප මේ සම්බන්ධව දශක ගණනාවක් තිස්සේ පවසා තිබෙනවා. වඩ වඩාත් මිනිසා හරිතාගාර වායු පරිසරයට විමෝචනය කිරීමේ ප්‍රතිඵලය වඩ වඩාත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමයි.’ රීඩින් විශ්වවිද්‍යාලයේ එඩ් හෝකින්ස් ප්‍රකාශ කරයි.
මෙමගින් සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය අංශකයකින් ඉහළ නංවන අතරේ කාබනීහරණය මගින් තවත් අංශක තුනකින් උෂ්ණත්වය ඉහළ නංවනවා. උෂ්ණත්වය අංශයකින් ඉහළ නැගීම කීපදෙනෙකුට භයානකයි. අංශක දෙකකින් ඉහළ නැගීම බොහෝ දෙකෙුට භයානකයි. අංශක තුනකින් ඉහළ නැගුණොත් සිදුවන හානිය පිළිබඳව අපට සිතාගත නොහැකියි.’ යනුවෙන්ද ඔහු පවසති. මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කරන්නේ සවුදි අරාබිය මෙන් සුළං බලශක්තිය දෙසට හැරීම මගින් හරිතාගාර වායු විමෝචනය අඩුකිරීමට පියවර ගන්නා බවයි. මෙම ප්‍රකාශ පරිසරවේදීන්ගේ සතුටට හේතුවී තිබේ. විවේචකයන් පවසන්නේ අග්‍රාමාත්‍යවරයාගේ මේ පොරොන්දුව වචනවලට පමණක් සීමා නොකර ප්‍රතිපත්ති හා ඊට අදාළ ප්‍රතිපාදන ලබාදීමෙන් තහවුරු කරන ලෙසය.