29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පූජ්‍ය අලුදෙණියේ සුබෝධි හිමි සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති පදවියට.

පූජ්‍ය අලුදෙණියේ සුබෝධි හිමි සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති පදවියට.

ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරයේ අභිනව විහාරාධිපති ලෙස පූජ්‍ය අලුදෙණියේ සුබෝධි හිමි පත්කොට තිබේ.

සේරුවිල මංගල මහා චෛත්‍යවර්ධන සමිතිය විසින් දැනුම් දෙන්නේ, එම අභිනව පත්කිරීම පිළිබඳ ඉදිරි කටයුතු සඳහා මහානායක හිමිපාණන් වහන්සේ වෙත යොමුකර ඇති බවය.

නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නා හිමියන් ඉකුත් 11 වනදා ඉන්දියාවේදී අපවත්වීමෙන් අනතුරුව එකී සමිතියට සේරුවිල විහාර සම්ප්‍රදායෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත්කිරීම සිදුකර ඇති බව නිවේදනය කරයි.  

ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරය බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේත් කේශ ධාතූන් වහන්සේලාත් නිදන්කොට කාවන්තිස්ස රජ දවස ඉදිවූවකි.  
 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments