26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්69වන විශ්ව රූරැජින මෙක්සිකෝවෙන්

69වන විශ්ව රූරැජින මෙක්සිකෝවෙන්

මෙවර විශ්ව රූ රැජින කිරුළ හිමි කරගැනීමට මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසා සමත්ව තිබේ. ඇය 69 වෙනි විශ්ව රූරැජිනවේ. ඇය මෙම තරඟය ජයගත්තේ තවත් තරඟකාරියන් 74ක් අභිබවමින්ය.

කොවිඩ් වසංගතය හේතුවෙන් වසරක් කල්ගොස් තිබු මෙම තරඟය ෆ්ලෝරීඩාහිදී පැවත්විණි.

විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් දෙදෙනා අතරට තේරී පත්වීමට ඇන්ඩ්‍රියා මේසා සහ පේරු රාජ්‍ය යේ ජැනික් මැකෙටා සමත්වූවාය. බ්‍රසිලයේ ජූලියා ගාමා තෙවන ස්ථානයට පත්විය.

ඔවුන් දෙදෙනා අතරින් 2021 විශ්ව රූ රැජින කිරුළ හිමි කරගැනීමට සමත් වුයේ 26 හැවිරිදි වියේ පසුවන මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසා විසිනි.

ඇය නිරූපණ ශිල්පිනියක්, වේශ නිරූපණ ශිල්පිනියක්, මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක වන බව සඳහන්ය.

විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝව විසින් හිමි කරගත් දෙවන අවස්ථාව මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments