29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.

උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ හෙට (22) වනවිට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාව ඇති බැවින් නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවික කටයුතු වල නොයෙදන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ අඩු පීඩන තත්ත්වය 23 වනදා වනවිට පීඩන අවපාතයක් දක්වාත් මැයි 24 වනදා වන විට සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමෙන් හැකියාව ඇති බවය.

එම පද්ධතිය වයඹ දිශාවට ගමන්කර මයි 26 වනදා වනවිට බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.

එම කාලය තුළදී, කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා මුහුදු ප්‍රදේශ සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ රළු විය හැකිය.  

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අත්වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය, සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ක පමණ තද වැසි ඇතිවේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments