21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොවිඩ් තෙවන රැල්ලේ ආර්ථික බලපෑම ගැන මහා බැංකු අධිපති කියයි.

කොවිඩ් තෙවන රැල්ලේ ආර්ථික බලපෑම ගැන මහා බැංකු අධිපති කියයි.

මේ වන විට ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වසංගතයේ තුන්වන රැල්ල මගින් ආර්ථිකයට ඇතිකරනු ලබන බලපෑම, පසුගිය වසරේ කොවිඩ් පළමු හා දෙවැනි රැළිවලින් ඇති වූ බලපෑම තරම් තීව්‍ර නොවනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වසර සඳහා වන සිව්වන මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කිරීම සම්බන්ධයෙන් අද (20) දිිනපැවති මාර්ගගත (ඔන්ලයින්) මාධ්‍ය හමුවේ දී අධිපතිවරයා මේ බව කියා සිටියේය. කෙසේවෙතත් මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා මෙහිදී පැවසුවේ ප්‍රබල නිගමනවලට ඒළඹීම සඳහා තවමත් කල් වැඩි බවයි.

මෙහිදී වැඩිදුරත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා,

“ප්‍රබල නිගමනවලට ඒළඹෙන්න තාමත් කල් වැඩියි. වසංගතයේ තුන්වන රැල්ල අපි හිතන්නේ, ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි ඇතිකරන බලපෑම පළමු හා දෙවන රැළිවල ඇති වූ බලපෑම තරම්ම තීව්‍ර හා තියුණු ඒකක් නොවනු ඇති කියලා. මෙය විශ්වාස කිරීමට කාරණා තුනක් තියෙනවා. ප්‍රධාන කාරණය, මේ තුන්වන රැල්ලේ මෙහෙයවා ගැනීම සඳහා සංචරණ සීමා පනවනු පෙනෙනේ තෝරාගත් ප්‍රදේශවලට පමණක් බලපැවැත්වෙන පරිදි. ඒසේම ක්‍රියාත්මක වන ඒන්නත්කරණ වැඩසටහන ක්‍රමක්‍රමයෙන් වේගවත්ව ඉදිරියට යන බවත් පෙනෙන්නට තිබෙනවා. තුන්වෙනුව අපේ බොහෝ ආයතන අවස්ථාව සැලසෙන ආකාරයට ගෙදර සිට වැඩ කරන සංස්කෘතියකට ක්‍රමක්‍රමයෙන් හුරුවුණා පහුගිය කාලයේ. මේ කාරණා තුණ නිසයි අපි හිතන්නේ පළමුවෙනි දෙවෙනි රැළිවලට වඩා දැනට ක්‍රියාත්මක වෙමින් පවතින රැල්ල ඒතරම්ම විශාල ආර්ථික බලපෑමක් ඇති නොකරනු ඇති කියලා.”

“ඒසේ වුණත් වර්ධන ක්‍රියාවලියට මෙන්ම රජයේ ආදායම් වියදම්වලට යම් බාධාවක් ඇතිවන බව අපි දන්නවා. ඒක අපි අපේක්ෂා කරනවා.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments