21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්ගාසා තීරයේ බිහිසුුණු යුදගිනි උණුසුම දින11කට පසු නවතී.

ගාසා තීරයේ බිහිසුුණු යුදගිනි උණුසුම දින11කට පසු නවතී.

දින 11 ක් පුරා පැවැති ගැටුම් තාවකාලිකව අත්හිටුවමින් ගාසා තීරය තුළ සටන් විරාමයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ඊශ්‍රායලය හා හමාස් සංවිධානය යන දෙපාර්ශවයේම එකගතාව අනුවයි. මෙම සටන්විරාමයේ මැදිහත්කරුවා ලෙස ඊජිප්තුව පෙරමුණ ගෙන කටයුතු කරනවා. ඒ අනුව ඊජිප්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ඉතා ඉක්මනින් ඊශ්‍රායලයට හා ගාසා තීරයට පැමිණීමටයි නියමිතව ඇත්තේ. අමෙරිකාව කටයුතු කරන්නේ සහය පාර්ශවයක් ලෙසයි. 

අද අලුයම 02 ට පමණ සටන් විරාමය ආරම්භ වූ අතර ඒ සමග දින 11 ක් පුරා අඛණ්ඩව දෙපාර්ශවය විසින් එල්ල කර ගැනුණු ගුවන් ප්‍රහාර මේවනවිට තාවකාලිකව නතර වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. සටන්විරාමය ආරම්භ  වීමත් සමග වීථිවලට එක්වූ පලස්තීන වැසියන් එය මහත් උද්යෝගයෙන් යුතුව සමරනු ලැබුවා. ඉකුත් 10 වනදා ආරම්භ වූ ගැටුම් හමුවේ දැඩිලෙස පීඩාවට පත්ව සිටියේ ගාසා තීරයේ වෙසෙන සාමාන්‍ය වැසියන්. එබැවින් එම ජනතාවගේ ජීවිත තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා සටන් විරාමයකින් නොනැවතී ගාසා ගැටුම් නිමා කිරීම සඳහා අවදානය යොමු විය යුතු බවටයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ. 

ගාසා තීරය පදනම් කර ගනිමින් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර අවස්ථා රැසකදී ගැටුම් පැවතුනා. එහෙත්, 2014 වසරින් පසුව පැවැති දරුණුම ගැටුම්කාරී අවස්ථාව හටගත්තේ ඉකුත් 10 වනදායි. එදා සිට ඊයේ දිනය දක්වා ඊශ්‍රායලය හමාස් සංවිධානය ඉලක්ක කර අඛණ්ඩව ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කළ අතර ඉන් අහිමි වූ මිනිස් ජීවිත ගණන 240 ක්.      

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments