29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රාජ්‍ය අංශයේ ගැබිණි මව්වරුන්ට වගේම පෞද්ගලික අංශයේ ගැබිණි මව්වරුන්වත් සේවයට නොකැඳවන්න.

රාජ්‍ය අංශයේ ගැබිණි මව්වරුන්ට වගේම පෞද්ගලික අංශයේ ගැබිණි මව්වරුන්වත් සේවයට නොකැඳවන්න.

රාජ්‍ය අංශයේ ගැබිණි මව්වරුන්ට නිවසේ සිට සේවය කිරීමට අවසර ලැබෙන නීති ප්‍රතිපාදන තිබෙන අතර එම සහනය පෞද්ගලික අංශයේ සේවය නියුතු ගැබිණි මව්වරුන්ටද ලබාදෙන ලෙස කම්කරු ඇමැති නිම්ල් සිරිපාලද සිල්වා මහතා හාම්පුතුන්ගෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා කියා සිටින්නේ 2/2021(11) හා 2021-05-10 දරණ රාජ්‍ය සේවා පරිපාලන චක්‍ර ලේඛය අනුව රාජ්‍ය සේවයේ ගැබිණී මව්වරුන්ට සේවයට වාර්තා කිරීකින් තොරව නිවසේ සිට රාජකාරි කිරීමට අවස්ථාව සලසාදී තිබෙන බවයි.

ඒ අනුව සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි ගැබිණි මව්වරුන්ට කොවිඩ්19 වාතාවරණය හමුවේ ඇතිවිය හැකි සංකූලතා හේතු කොටගෙන රාජ්‍ය අංශයේ ගැබිණි මව්වරුන්ටලබාදුන් සහනය පෞද්ගලික අංශයේ මව්වටරුන්ටත් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments