28.1 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්හදීසියේ පොහොර අර්බුදයක් ඇති කිරීමෙන් රටට ඇති වන ප්‍රති විපාකය ඉතාමත් භයානකයි....

හදීසියේ පොහොර අර්බුදයක් ඇති කිරීමෙන් රටට ඇති වන ප්‍රති විපාකය ඉතාමත් භයානකයි. එ.ජා.ප.සභාපති

අපි ලෝක කෘෂි කර්මාන්තය සමග සහ දේශීය කෘෂි කර්මාන්තය සමග එකට වැඩ කළ යුතුව තිබෙනවා. ලෝකයේ විවිධ රටවල පොහොර නිෂ්පාදනය, ආනයනය සහ පොහොර භාවිතය නිසා ලෝකයට ඇතිවන පාරිසරික බලපෑම් පිළිබඳ වැදගත් ප්‍රතිපත්තිමය අවබෝධයක් ලබා ගැනීම වැදගත් බව කිව යුතුයි.

විසිවනවන සියවස තුළ පමණක්ලෝක ජනගහනය බිලියන 1 සිට බිලියන 8 ක් දක්වා වර්ධනය වී තිබෙනවා. වසර දෙදහස්පනහවනවිටලෝක ජනගහනය බිලියන 9කටවඩාවැඩිවනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා. ඒ වන විශ්‍රී ලංකාවේ ද ජනගහනය මිලියන 28ක් දක්වා වැඩිවනු ඇතැයි අපේක්ෂා කරනවා.

මානව වර්ගයාගේ ජනගහන වර්ධනය, සීමිතව වගා කළ හැකි ප්‍රදේශ සහ ආහාර සඳහා දිනෙන් දින ඉහළ යන ජනතා ඉල්ලුම හේතුවෙන් විවිධ රසායනික පොහොර ‍යෙදීම ලොව පුරා ගොවීන් විසින් වැඩි දියුණු කර ඇත. පොහොර යනු කෘෂි කාර්මික නිෂ්පාදනයේ වැදගත්ම යෙදවුම් වලින් එකකි. එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂි කර්ම සංවිධානය (FOA) විසින් 2012 දීලියන ලද වාර්තාවකටඅනුව පසුගිය දශක කිහිපය තුළ කෘෂිකාර්මික නිෂ්පාදනය වැඩි කිරීම සඳහා 68% ක දායකත්වයක්ලබා දීඇත්තේ රසායනික පොහොර විසිනි. ඉතිරි 34 % භෝග ප්‍රභේද වල ජාන විද්‍යාවේ වැඩි දියුණු කිරීම නිසා සිදු වී තිබෙනවා.

ඉරානය වැනි සංවර්ධනය වෙමින් පවතින රටක් සහ ජපානය වැනි සංවර්ධිත රටක් රසායනික පොහොර භාවිතා කරන ආකාරය ඉතා වෙනස්. ඉරානය හෙක්ටයාරයකට අඩු පොහොර භාවිතා කරනවා. ජපානය වගා කළ හැකි හෙක්ටයාරයකට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කරනවා.අස්වැන්න ඉරානයට වඩා ජපානයේ බොහෝ ඉහළය. මුළු රසායනික පොහොර වල පරිභෝජන රටාව ගෝලීය වශයෙන්සැළකිය යුතු ලෙස වෙනස් වේ. 1980 දී ජපානයේ මුළු රසායනික පොහොර පරිභෝජන අනුපාතය හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 500ක් පමණවූඅතර එය 2012 වන විට එය හෙක්ටයාරයකට කිලෝග්‍රෑම්300දක්වා අඩු විය. මෙම කාල සීමාව තුළඉරානයේපරිභෝජන අනුපාතයඅඩු හෝ වැඩි වශයෙන් හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 50ක පැවතුනා. සංවර්ධිත රටවල් රසායනික පොහොර විශාල වශයෙන්භාවිතා කරන බව මෙයින්පේනවා.

ලොව පුරා රසායනික පොහොර පරිභෝජනයහරහාවිශාල වශයෙන්සෘණාත්මක පාරිසරික ප්‍රති විපාක මාලාවක් සිදු වී තිබෙනවා. උදාහරණයක් ලෙස නයිට්‍රජන් (N) ශාක වර්ධනය සහ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍යපෝෂ්‍ය පදාර්ථයක්වේ. එසේ වෙතත් අධික ලෙස නයිට්‍රජන් එකතු කිරීම මගින් පරිසර පද්ධති දූෂණය වනඅතර එවැනි පද්ධතිවලපාරිසරික ක්‍රියාකාරිත්වය සහ ඒවා තුළජීවත්වන ප්‍රජාවන්දවෙනස් වේ. තවද,පොස්පේට් අධික ලෙස එකතු කිරීම නිසා මතු පිට ජලය දූෂණය සිදු වේ. එබැවින්පොස්ෆරස් (P) පදාර්ථයකෘෂිකාර්මික  හා ස්වභාවික පරිසර පද්ධති කෙරෙහි වඩාත් ප්‍රභල බලපෑමක් ඇති කරනවා. කෙසේවෙතත්නයිට්‍රජන් සහපොස්ෆරස් සංයුක්තපොහොර සඳහා ඇති ඉල්ලුම වාර්ෂිකව 2% අනුපාතයකින් ගෝලීය වශයෙන් වර්ධය වෙනවා.පුසගිය දශක කිහිපය තුළ කෘෂිකාර්මික භාවිතයන් ඉල්ලා සිටීම නිසා පසේ පොටෑසියම් (K) ක්ෂය වීම හේතුවෙන් කෘෂි ශාක වල අස්වැන්න අඩු වී තිබෙනවා. පොටෑසියම් සහිතපොහොර ඉල්ලුම වාර්ෂිකව වසරකට 3% ට වඩාඉහළ යනු ඇතැයි ද අපේක්ෂා කරනවා.

එප්පාවලඛනිජ නිධියටශ්‍රී ලංකාවේ සියලුමරසායනික පොහොරපොස්ෆරස් (P) පදාර්ථඅවශ්‍යතාවයපමණක් නොව රටේ අපනයන ආදායම දවිශාල ප්‍රමාණයක් වැඩි කිරීමේ හැකියාව දතිබෙනවා. රසායනික ලක්ෂණ සම්බන්ධයෙන් ගත් කළ පොස්ෆේට් නිධියක වැදගත්ම සාධකය වන්නේ එහි ඛනිජ වල ඇතිපොස්ෆරස් පෙන්ටොක්සයිඩ්සංයෝගයයි. එය වඩා හොඳය. රාජ්‍ය ඛනිජ වැලි සංස්ථාවසහ විද්‍යාඥයින් කියා සිටින්නේ එප්පාවලහී 38%ක් පොස්ෆරස් පෙන්ටොක්සයිඩ් ඇති බවයි. එය නිවැරදි ගණනය කිරීමක්ද යන්න පරීක්ෂා කළ යුතුව ඇත. එප්පාවලහී සාමාන්‍ය ශ්‍රේණිය අඩුවිය හැක. නමුත් තැන්පතුවල විශාලත්වය වඩා විශාලය. සමස්තයක් වශයෙන් එප්පාවල යනු අවතක්සේරු නොකල තැන්පතුවකි.භූගෝලීය පිහිටිම, අනාගතයේදී පොහොර සඳහා ඉල්ලුම් ස්ථාන සහ රසායනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍යවැදගත්ම අමුද්‍රව්‍යයක් දේශීයව ලබා ගත හැකි බැවින් ශ්‍රී ලංකාවට පොහොර සැපයීම සඳහා වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත්විය හැකිය.

අපි හිතන්නේ නොමිලේ පොහොර ලබාගෙනඅස්වැන්න වැඩි කිරීම සඳහා ජනතාව අපේ රජය වෙනස් කළා කියල. නොමිලේ පොහොර ලබා ගන්නවා වෙනුවට පොහොර සම්පූර්ණයෙන්ම නවත්වා තිබෙනවා නම් ඒ ගැන කණගාටු විය යුතුයි. මුළු ලෝකයෙම පොහොර භාවිතා කරනවා. ඒවායේ යම් යම් තිබෙන විද්‍යානුකූල බාවය ආරක්ෂා කරගනිමින් රසායනික වර්ග අඩු වැඩි වශයෙන් නියමිත ප්‍රමිතියකින් ගෙන්වා ගත යුතුව තිබෙනවා. ලෝකයේ ප්‍රමිතියෙන් තොර පොහොර වස හැටියට තමයි දකින්නේ. එතකොට අපේ රටට ගෙන්වන පොහොර ඉහළ මට්ටමිකින් තිබිය යුතුයි. පොහොර ගෙන්වන එක නවත්වලා කාබනික පොහොර වලින් මුළු මහත් හෙක්ටයාර ලක්ෂ ගණනක් කුඹුරු, තේ, පොල්, රබර්, කුරුඳු හා එළවළු සහ වෙනත් කර්මාන්ත සඳහා අස්වද්දන්න ගියොත් රට බරපතල ඛේදවාදකයකට මුහුණ දෙනවා.

ගොවිබිම් සඳහා ප්‍රශස්ථ පොහොර සියල්ලටම වඩා රඳා පවතින්නේ වගා කර ඇති බෝගය සහ එහි පසෙහි ලක්ෂණ මතය. පසෙහි ධාරිතාවය සහ එම වර්ෂය සඳහා ගොවිපොල සඳහා වන බෝග සැලසුම් අතර පවතින “පෝෂක පරතරය“ අවම කිරීම සඳහා අවශ්‍ය  පොහොර ප්‍රමාණය ගණනය කිරීම හා නිර්දේශ කිරීම සඳහා තාක්ෂණය අද පවතී. නමුත් වගා කළ ප්‍රදේශයහෙක්ටයාර් 10 ටවඩා අඩුවන විට එවැනි ක්‍රමයක්සාර්ථක නොවනු ඇත. ගොවියන් පොහොර යෙදීමේදී ඔවුන්ට නිසි දැනුමකින් තොරව පොහොර යෙදිය යුතු ප්‍රමාණය පිළිබඳ හැඟීමකින් තොරව නොමිලේ ලැබෙන නිසා සහ නොතේරුකම් නිසා වැඩිපුර යොදන අවස්ථාද තිබෙනවා. මේ හරහාපොළව විනාශ වන තත්ත්වය වෙනස් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිටින කෘෂි පර්යේෂණ නිලධාරින් 30,000 ක පමණ බලකාය නිවැරදිව දැනුවත් කර ගොවියන් නිවැරදිව හැසිරවිය යුතුය.

වැඩි වන ජනගහනයත් සමග,1950දශකයට පෙර සහ දැන් අතරකාලය තුළපොළොවේ තිබුණු සාරවත්භාවය ශ්‍රී ලංකාවෙත් ලෝකයෙත් සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා. අපේ ආර්ථිකයේ තිබෙන තත්ත්වය ඒ නිසා ආරක්ෂා කර ගැනීම වැදගත්. ගොවි ජනතාව සම්පූර්ණයෙන්ම අසීරු තැනකට පත්වෙනවා පොහොර සම්පූර්ණයෙන් නැවැත්වීම තුළ. කාලයක් තිස්සේ අපේ පස පුරුදු වෙලා තිබෙන ක්‍රමය වෙනස් කරන්න ඕන ක්‍රමානුකූලවයි. හොඳ වර්ගයේ පොහොර ගෙන්වීම සඳහා අවධානය නොකරන්නේ රජයට පොහොර ගෙන්වන්න ඩොලර් සංචිතයක් නැති නිසා කියලයි අපි සැක කරනවා.

උදාහරණයක් හැටියට තේ පොහොර පිළිබඳ අවධානය යොමුකළහොත් ඉතාමත්ම භයානත තැනකට තල්ලු වීමට ඉඩ තිබෙනවා. රජයේ හදීසියේ අලුත් ක්‍රමවේදයක් හඳුන්වාදීමෙන් කොම්පෝස්ට් පොහොර එළවළු වලට සාර්ථක වෙන්න පුලුවන්. තේ වලට නම් 1% ක් විතර තමයි. දැනටමත් ඉතාමත් සුළුවෙන් තමයි කොම්පෝස්ට් පොහොර භාවිතා කරන්නේ. තේ වගාවේ බොහෝ ප්‍රමාණයක් රසායනික පොහොර භාවිතයෙන් තමයි එදා 1950 දශකයෙන් පසුව ඉඳලම භාවිතා කරලා තිබෙන්නේ. 

රසායනික පොහොර වලට හුරු වෙලයි දැන් මේ තේ ගස් තිබෙන්නේ. තේ පැලේට මුලින්ම දාන්න ඕන ටී65 පොහොර, ඊළඟට දාන්නේ පැලේ ඉන්ඳලා ටී200 පොහොර, ආපහු අවුරුදු දෙකකින් ටී750 පොහොර දාන්න ඕන. ඊළඟට දලු කඩන තත්ත්වයට ආවම අනිත් පොහොර වර්ග දමන්න පටන් ගන්නවා. එහෙම තමයි තේ වලට රසායනික පොහොර භාවිතා කිරීමේ ක්‍රමවේදය දැනට සිදුවන්නේ.  සාමාන්‍යයෙන් තේ පැලයක ආයුෂ අවුරුදු 20ක් තමයි ගණන් බලලා තියෙන්නේ. කෙසේවෙතත්අවුරුදු 03 ඉඳලා අවුරුදු 30 වෙනකල් පලදාව ලබාගන්න පුළුවන්කම තිබෙනවා.

එළවළු වලට මේ කොම්පෝස්ට් පොහොර භාවිතා කරන එකෙයි තේ වලට භාවිතා කරන එකෙයි විශාල වෙනසක් තිබෙනවා. අනිකුත් භොග අතරෙත් විශාල වෙනස්කම් තිබෙනවා. සියළු ගොවිමහතුන්ට මේ පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙනවා. නමුත් අවුරුදු ගණනක් සැලසුම් කරලා, කොම්පෝස්ට් පොහොර මධ්‍යස්ථාන හදලා, පරීක්ෂණ පවත්වල ඒ ආකාරයට කළොත් සමහර වෙලාවට ඉදිරියට යන්න පුළුවන්ද කියන එක ඒත් ප්‍රශ්නයක් තියෙනවා. ලෝකය සමග තරඟ කරන්න පුළුවන්ද කියලත් ප්‍රශ්නයක් තියෙනවා. අපේ තේ කර්මාන්තයට විශාල ලෙස  මේ තීන්දුව බලපානවා. ඒ බලපෑම සෘජුව බැලුවොත් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයෙන් ජිවත් වන ලක්ෂ 20 ක් පමණ මෙයින් ජීවත් වෙනවා. වක්‍රාකාරව බැලුවොත් ලක්ෂ 40 කටපමණමේ තීන්දුව බලපානවා. ඒ කියන්නේ ප්‍රවාහනකරුවන්, හාඩ්වෙයාර්, තේ කඩවල්, බැංකු කරුවන්, පොහොර සමාගම් ඇතුළුව තවත් බොහෝ ව්‍යවසායකයන් මේ තුළ සිටිනවා.

ඉතින් අප හිතනවා මේ කර්මාන්තයේ අපේ මාර්කට් එක තිබෙන්නේ බ්ලැක් ටී (Black Tea) තේ වලට තමයි විශේෂයෙන් බලපාන්නේ. රුසියාව සහ මැද පෙර දිග රටවල් තමයි මිළදී ගන්නේ. එතකොට අපේ කිලෝග්‍රෑම්මිලියන 300ක් විතර තේ නිෂ්පාදනය ගන්නවා. මේ රසායනික පොහොර අපිට නවත්වන්න සිදු වුව හොත් මේකිලෝග්‍රෑම් මිලියන 300ක් පමණ වෙන තේ නිෂ්පානයෙන් කිලෝග්‍රෑම් මිලියන 150 කට විතර අඩු වුනාම 50% පමණ තේ කර්මාන්තයේ කඩා වැටීමක් සිදු වෙන්න පුළුවන්. එතකොට නිෂ්පාදනය අඩු වෙනවා. තව දෙයක් තමයි හොඳ තත්ත්වයට තිබෙන Black Tea එක නෙමෙයි මේ රසායනික පොහොර දැම්මෙ නැති උනාම ලැබෙන්නේ. එතකොට ලැබෙන්නේ කහ හෝ දුඹුරු වගේ වර්ණයක්. එතකොට අපේ තේ වල තත්ත්වයටත් බලපානවා. උදාහරණයක් අපි දැන් පහත රට තේ කිලෝවකට රුපියල් 700 ක විතර සාමාන්‍ය වෙළඳපොළක්තියෙනවා. ඕක වැටෙනවා රුපියල් 350 කට 400 කට විතර, එහෙම වුනාම විශාල වශයෙන්විදේශ විනිමය අහිමි වෙනවා.

එතකොට අපට ඇත්තටම මේ තේ නිෂ්පාදනය අඩු වීම වගේම මේ තත්ත්වය පහළට ඒමෙන් රටට විදේශ විනිමයක් අහිමි වෙනවා. මොකද අපෙන් තේ ගන්න හුරු වෙලා ඉන්න රටවල් තත්ත්වය බාල නිසා වෙන වෙන තේ සපයන රටවල් සමග සම්බන්ධ වෙනවා. ඊළඟට මේ තේ කර්මාන්තය පවත්වාගෙන යන්න බැරි තැනට පත්වෙනවා. දලු කඩන ප්‍රමාණයත් අඩු වෙයි. එතකොට මිනිස්සුන්ට පඩි ගෙවන්නත් බැරි වෙනවා. එහෙම වුනාම මේ තේ කර්මාන්තය නැත්තටම නැතිවෙන්න පුළුවන්. තේ කර්මාන්තය නැවත ගොඩගන්න බැරිවන තැනටම පත්වෙයි.

ඉතින් මේ කොම්පෝස්ට් පොහොර භාවිත ලෝකයේ තිබෙන ආහාර ද්‍රව්‍ය, තේ සහ අනෙකුත් නිෂ්පාදන සමග ගලපාගන්න සිද්ධ වෙනවා ශ්‍රී ලංකාවේ බලධාරින්ට කොම්පෝස්ට් පොහොර නම් තේ වලට අනුමත කරන්න ගොඩක් අමාරු වෙයි. ඒවායේ විශාලවශයෙන්අපද්‍රව්‍ය තිබෙනවා. ඒවා එළවළු වගාවට ගත්තට, තේ වගාවට භාවිතා කරන්නේ කෙසේද කියා ප්‍රශ්නයක් තිබෙනවා.

ඒ නිසාපරීක්ෂණ පවත්වලාතේ වගාවටහානි නොවනබව තහවුරු කිරීමෙන් පසුව තමයි මේ ක්‍රියාවලිය සිදුකළ යුතුව තිබෙන්නේ. අවුරුදු 150 ක් තිස්සේ එන මේ තේ වගාවේ එදා ඉඳලම රසායනික පොහොර තමයි දාලා තිබෙන්නේ. ඒකට තමයි තේ ගස් හුරුවෙලා තිබෙන්නේ. ඒ නිසා මේ පිළිබද වගකීමෙන් තොරව සිදු කරන මේ ප්‍රකාශ නිසා ශ්‍රී ලංකාවේ සෑම වගාවක්ම කඩා වැටෙන්නට තිබෙනවා. මේ තේ ගැන ඉදිරිපත් කළේ උදාහරණයක් පමණයි. රබර්, පොල්, කුරුඳු, වී සහ මේ රටේ අනෙකුත් කර්මාන්ත සඳහා අවශ්‍ය කරන පොහොර වර්ග එකවර නවතා දැමීමෙන් මුළු රටම කඩාගෙන වැටෙන තැනට ගනිපු තීන්දුවක් තමයි ක්‍රියාමත්මක කරලා තිබෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකාවේ පුරවැසියන් මෙවන් ක්‍රියාවන් පිළිබඳ දැනුවත් විය යුතුයි කියා අප විශ්වාස කරනවා.

1977 න් පසුව මහවැලි ගඟ හත් අට පොලකින් හරස් කරලා කුඹුර අක්කර ලක්ෂ 20ක් නගුලට යට කරපු එක්සත් ජාතික පක්ෂය මේ තීරණය පිළිබඳ කණගාටුවන අතර, මහජනතාව කෝවිඩ් වසංගතය පැමිණීමත් සමගම කෘෂිකර්මාන්තයට පෙළඹුනා. ජනතාව වගා කරන්න ගත්තාට පසුව පොහොර වලට මෙවැනි තීරණයක් ගැනීමෙන් නැවතත් සියළු වගාකරුවන්ට සහ ව්‍යාපාරිකයන්ට බලපාන බවද සඳහන් කිරීමට කැමැත්තෙමි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments