29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මැතිවරණ ප්‍රතිසංස්කරණ සඳහා මහජන අදහස් කැඳවයි.

මැතිවරණ ප්‍රතිසංස්කරණ සඳහා මහජන අදහස් කැඳවයි.

මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීතිවල සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව සොයා බැලීම සඳහා පත්කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මහජන අදහස් විමසීමට තීන්දු කිරීම ඉතා ප්‍රශස්ත කටයුත්තක් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස අපගේ විශ්වාසයයි ඒ සඳහා මහජන අදහස් ලබාදීමට එක්වන්නැයි බුද්ධිමත් ඡන්ද දායකයින්ගෙන් හා සිවිල් සංවිධානවලින් ඉල්ලා සිටින බව පැෆරල් සංවිධානය ඉල්ලා සිටියි.

මැතිවරණ ව්‍යුහය මෙන්ම මැතිවරණයට අදාල නෛතික ප්‍රතිපාදනද වර්තමාන දේශපාලන සන්දර්භයන්ට අනුරූපී වන පරිදි බරපතල සංශෝධනයට ලක්විය යුතු බවට කිසිදු විවාදයක් නැත. විශේෂයෙන්ම ජනතා පරමාධිපත්‍යයේ මූලිකාංගයක් වන ජන්ද බලය බාධාවකින් හෝ බලපෑමකින් තොරව අභ්‍යාස කිරිමට නම් සමබිමක තරඟය පැවැත්වීම වෙනුවෙන් සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නව නෛතික ප්‍රතිපාදන සැකසීමේ කඩිනම් අවශ්‍යතාවයක් පවතී.

ඒ අනුව මැතිවරණ ක්‍රමයේ සාධනීය වෙනසක් අපේක්ෂා කරනු ලබන පුරවැසියන්ට මෙන්ම සංවිධානවලටද මැතිවරණ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වන යෝජනා හා අදහස් ලබාදීම සදහා අවකාශය සලසා ඇති අතර එකී යෝජනා ලිඛිතව හෝ [email protected] නම් විද්‍යුත් තැපෑල මගින් අදාල කමිටුව වෙත 2021 ජූනි මස 19 වන දිනට පෙර ඉදිරිපත් කල හැකිය.

මහජන අදහස් හෝ යෝජනා ලිඛිතව මෙම ලිපිනයට ලබාදෙන්න. ඒනම් ලේකම්,මැතිවරණ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ,ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ.
කොරෝනා වසංගතය පිළිබඳ මේ මොහොතේ සමාජයේ ප්‍රමුඛ අවධානය යොමුව ඇතත් මෙම කටයුත්තේ ඇති ජාතික වැදගත්කම ගැන අවධානය යොමු කරමින් විවිධ දැනුම් මට්ටම් මෙන්ම සමාජ පරාසයක් නියෝජනය කරනු ලබන පුරවැසියන්ගෙන් මෙන්ම සංවිධාන වලින්ද අප ඉල්ලා සිටිනුයේ වඩාත් දියුණු ලක්ෂණ වලින් සමන්විත මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් නියමිත කාලසීමාව තුළ ඔබේ අදහස් හා යෝජනා ලබාදෙමින් මෙම ජාතික කර්ත්‍යයේ කොටස්කරුවෙකු වන ලෙසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments