ජාතික හා ජාත්‍යාන්තර ජයග්රබහණ ලබා ගත හැකි ක්‍රීඩාවක් ලෙස ප්‍රමුඛත්වය දිය යුතු බවට ජාතික ක්‍රීකඩා සභාව විසින් නිර්දේශ කළ වොලිබෝල් ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සමඟ ගිවිසුම්ගතවීම තරුණ හා ක්‍රීඩා අමාත්යර නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දඩැල්ල ක්‍රීඩාංගණයේ (21) පස්වරුවේ පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කරමින් ඔවුන්ව දිරි ගැන්වීමේ අරමුණ ඇතිව රුපියල් කෝටි හතරකට අධික මුදලක් වොලිබෝල් සම්මේලනයට මෙම ගිවිසුමට සමගාමීව ප්‍රදානය කෙරිණි.
තරුණ හා ක්රීමඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වොලිබෝල් සම්මේලනය වෙත මෙම මූල්‍ය ප්‍රදානය ලබා දුන් අතර එමගින් වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයටගෘහස්ත වොලිබෝල් (Indoor Volleyball ) සඳහා රුපියල් 27,391,800/-ක් සහ බීච් වොලිබෝල් ( Beach Volleyball ) ක්‍රීඩාව වෙනුවෙන් රුපියල් 16,600,200/-ක මුදලක් පිරිනැමීම සිදුවිය.
තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහ වොලිබෝල් සම්මේලනය වෙනුවෙන් එහි ලේකම් ඒ.එස්.නාලක මහතා අදාළ ගිවිසුමට අත්සන් තැබූහ.
ජාත්‍යාන්තර බොලිබෝල් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් කොවිඩ් 19 තත්ත්වය සමනය වූ පසු ජාත්‍යාන්තර වොලිබෝල් තරගාවලියක් දේශීය වශයෙන් පැවැත්වීමට අවධානය යොමු කර ඇති බවත් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී පැවසීය.
මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජාතික ක්‍රීඩා සභාව සහ ඉහළ කාර්ය සාධන කමිටුව ජාතික හා ජාත්‍යාතන්තර ජයග්‍රහණ ලබා ගත හැකි බවට නිර්දේශ කරමින් වඩා ප්‍රමුඛත්වය දිය යුතු ක්‍රීඩාවන් 05ක් නිර්දේශ කළ අතර තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එම ක්‍රීඩාවන්හි එක් අවුරුදු උසස් දක්ෂතා ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම්ගතවීම හා මූල්‍ය ප්‍රදානය සිදු වේ.
වොලිබෝල් ක්‍රීඩාව ද ඇතුළුව ටෙනිස්, කරාතේ, ජල ක්‍රීඩා සහ වෙඩි තැබීමේ ක්‍රීඩාවට මෙලෙස ප්‍රමුඛත්වය හිමිවන අතර නොබෝදිනකින් එම ක්‍රීඩාවන්ට අදාළ ගිවිසුම්වලට ද එළැඹෙන බව තරුණ හා ක්‍රීඩා අමත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීන් මෙන්ම ජාතික වොලිබෝල් සම්මේලනයේ නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වූහ.