අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග ප්‍රමාණවත් පරිදි රට තුළ පවතින බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(23) අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග ආනයනකරුවන්ගේ ගබඩා වල පවත්නා භාණ්ඩ තොග පරීක්ෂා කර, රටට අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග ප්‍රමාණවත්ව පවතින්නේ දැයි සොයා බැලීම සඳහා සිදු කළ නීරීක්ෂණ චාරිකාවක යෙදෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය………..
මෙරට ජනතාවට අත්‍යාවශ්‍ය වන භාණ්ඩ තොග පිටකොටුව තොග වෙළෙඳපොල කේන්ද්‍ර කරගත් ආනයන කටයුතු සිදු කරන ඍජු ආනයනකරුවන්ගේ ගබඩා සංකීර්ණ කිහිපයක් මෙහිදි පරීක්ෂා කළේය. සංචරණ සීමා පනවනු ලබන දින කිහිපය තුළදී පමණක් නොව ඉදිරි මාසයකට ප්‍රමාණවත් අත්‍යාශ්‍ය පාරිභෝජන භාණ්ඩ සියල්ලම පාහේ කිසිදු හිඟයකින් තොරව ගබඩා වල තිබෙනවා.
එමෙන්ම මෙම භාණ්ඩ වල හිඟයක් ඇති වීමට කිසිදු ඉඩක් නොතබමින් සතොස හරහා ක්‍රියාත්මක ඉදිරි විනිමය ගිවිසුම් හරහා ස්ථාවර මිළ ගණන් යටතේජනතාවට අත්‍යාවශ්‍ය පාරිභෝජන භාණ්ඩ ලබා දීමේ කටයුතු සිදු කරමින් පවතිනවා. සංචරණ සීමා පැවතියද සෞඛ්‍යාරාක්ෂක ක්‍රමවේද භාවිතා කරමින් සුපුරුදු සැපයුම්කරුවන් සඳහා අවශ්‍ය භාණ්ඩ තොග ගැටළුවකින් තොරව පිටකොටුව තොග වෙළෙඳ හුවමාරුවෙන් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.
ඒ අනුව තොග බෙදාහැරීම සඳහා රජයේ මෙන්ම පෞද්ගලික අංශය මඟින් ක්‍රියාත්මක කරමින් තිබෙන වැඩපිළිවෙල හා ඊට සහය දක්වන සියලු පාර්ශ්වයන් මහජනතාව වෙනුවෙන් ඉටු කරනු ලබන සේවය හා ඔවුන් මෙම අවස්ථාවේදී සිදු කරන කැපවීම හා සේවය කෘතඥපූර්වකව අගය කළ යුතුයි.පෑලියගොඩ මැනිං එළවළු වෙළෙඳපොළ, පිටකොටුව තොග වෙළෙඳසැල් සහ තෝරාගත් ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් අද (24) පෙරවරුවේ සිට විවෘත කර තිබේ.
ඒ අනුව දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොළ, වේයන්ගොඩ, මීගොඩ සහ ඇඹිලිපිටිය යන ආර්ථික මධ්‍යස්ථානද මේ වනවිට විවෘත කර තිබේ.
හෙට (25) දිනයේ වෙළෙඳසැල් විවෘත කිරීම සඳහා අවශ්‍ය තොග භාණ්ඩ වෙළෙඳාම සඳහා පමණක් මෙම මධ්‍යස්ථාන අද විවෘත කර තිබේ