29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්ආසියානු ක්‍රිකට් තරඟාවලිය යළි කල් යන ලකුණු.

ආසියානු ක්‍රිකට් තරඟාවලිය යළි කල් යන ලකුණු.

මෙම වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒල මෙම වසරේදී එම තරගාවලිය පැවැත්වීම සදහා සුදුසු කාලයක් යොදා ගැනීමට නොහැකිවීම හේතුවෙන්.

පවතින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි හේතුවෙන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එක්වන කණ්ඩායම්වලට ක්‍රීඩා කිරීමට පොදු කාලපරාසයක් මෙම වසරේ නොමැති බවයි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව සදහන් කළේය.

ඒ අනුව මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසර සදහා කල් දැමීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය ඊයේ තීරණය කළාග 2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ද කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට හැකියාව ලැබුණේ නැහැ. ඒ අනුවයි එම තරගාවලිය මෙම වසර දක්වා කල් දමා තිබුණේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments