21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොවිඩ් මර්දන වැඩපිළිවෙලේදී සෞඛ්‍ය අමාත්‍යාංශය දොස්තරලාගේ පවුල්වල සාමාජිකයින්ට ලබාදී ඇති ප්‍රමුඛත්වය අනෙකුත්...

කොවිඩ් මර්දන වැඩපිළිවෙලේදී සෞඛ්‍ය අමාත්‍යාංශය දොස්තරලාගේ පවුල්වල සාමාජිකයින්ට ලබාදී ඇති ප්‍රමුඛත්වය අනෙකුත් සෞඛ්‍ය සේවකයින්ටත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ටත් ලබාදීම ගැන හෙට 25 පෙරවරු 7.30ට පෙර පිළිතුරක් දෙන්න. අතුරු සහ පරිපූරක වෛද්‍ය සංගම්

කොවිඩ් මර්දන රාජකාරී කටයුතුවල නිරත පාර්ශව සඳහා කොවිඩ් එන්නත ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු නොකළහොත් වර්ජනයක් ආරම්භ කරන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ පවසයි.


තම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් හෙට (25) උදෑසන 07.30 සිට කොවිඩ් රාජකාරී කටයුතුවලින් ඉවත් වන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ පැවසීය.

එම පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ අද (24) දිනය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින්ගේ පවුල්වල පිරිස් සඳහා එන්නත් ලබාදීමේ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ,

“කොවිඩ් මර්දනය සඳහා රාජකාරී කරන වෛද්‍ය නිලධාරීන් වගේම හෙද සේවය, අතුරු වෛද්‍ය සේවය, පරිපූරක වෛද්‍ය සේවය සහ කණිෂ්ඨ කාර්යමණ්ඩලය ඇතුළු අනෙකුත් සියලුම කාර්යමණ්ඩල මේ අවදානමේ ඉන්නවා. එහෙම අවස්ථාවක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල අය පමණක් රැකීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තු මේ තීරණයට අපි දැඩි අප්‍රසාදය පළ කරනවා. ඒ වගේම ඒ කිසිදු ස්ථානයක අපේ තාක්ෂණික දායකත්වය ලබාදෙන්නේ නෑ,” යනුවෙනි.

මේ අතර අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ,

“මේ එනනත් ලබා දෙන්නේ කාටද කොයි කණ්ඩායමට ද කියන එක තීරණය කරන්නේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ උපදේශක කමිටුව. මේ මොහොතේ එවැනි වෙනස් තීරණයක් අරගෙන තියෙන බව අපිට දැනගන්න ලැබිලා නෑ. සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව පිළිබඳ ඉතාමත් සංවේදී ප්‍රශ්නයක් තියෙනවා. ඒක පිළිගන්නවා. අපේ තිබෙන ප්‍රතිපාදන යටතේ සෞඛ්‍ය සේවකයින්ගේ පවුල්වල ළඟින්ම ඉන්න අයට දැනටමත් බොහෝ වෙලාවට දීලා තියෙනවා. වෛද්‍යවරුන්ගේ පවුල්වල අයට පමණක් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නෑ. සෞඛ්‍ය සේවකයින් සියලු දෙනාම අපිට වැදගත්.”

මේ අතර වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ඔහු සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන්ගේ පවුල්වල අය සඳහා විශේෂ එන්නත්කරණ වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා නොමැති බවය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා සඳහන් කළේ අද දිනයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින්ගේ පවුල්වල ඥාතීන්ට කොවිඩ් එන්නත ලබාදීමේ කටයුතු සිදු කෙරෙන බවය.

එහිදී වෛද්‍ය නලින්ද හේරත් මහතා,”සියලුම සෞඛ්‍ය සේවකයින්ගේ පවුල්වලටත් මේ ආවරණය දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලුවා. ඒකේ ආරම්භක පියවරක් හැටියට වෛද්‍යවරුන්ගේ දෙමව්පියන්ට එන්නත්කරණය අද ආරම්භ වුණා. ඉදිරි දින කිහිපයේදී හෙදියන් ඇතුළු අනෙකුත් කාර්යමණ්ඩල සියලු දෙනාගේ පවුල්වලට මේ එන්නත ලබාදෙයි කියලා අපි විශ්වාස කරනවා.” යනුවෙන් ද පැවසීය.

මේ අතර රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මේ වනවිට දීප ව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කර තිබේ.

සිය සාමාජිකයින්ගේ සේවාව වෙනත් සේවාවකට අන්තර්ග්‍රහණය කිරීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගත් බව එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments