ඉතා දීර්ඝ කාලයක් රාජ්‍ය සේවයේ නිරතව සිට විශ්‍රාම යන රජයේ සේවකයන්ට ඒ අයගේ විශ්‍රාම වැටුප සකස්වන තෙක් විශ්‍රාම ගිය මාසයේ සිට මාසික දීමනාවක් ගෙවන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරමින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය ලිපියක් යවා තිබේ.
ඒ අනුව සමහර විශ්‍රාමික රජයේ සේකයන්ට වසරක තරම් කාලයක් කිසිදු මාසික වේතනයක් නොලබා ඉතා අපහසුවෙන් ජීවිතය ගැටගසා ගන්නට සිදුවි තිබේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් රජයේ කාර්යාලවල කටයුතු යම් තරමකින් හෝ අඩාලවි තිබීමත් මොවුන්ගේ මෙම විශ්‍රාම වැටුප් කලට වේලාවට සැකසීම ප්‍රමාදයට හේතුවි ඇත.
එහෙයින් එවැනි රජයේ සේවකයින්ට විශ්‍රාම වැටුප සකස්වන තෙක් ඔවුන්ගේ ජීවිකාව කරගෙන යෑම සඳහා සේවයේ යෙදි සිටියදී ඔවුන් අවසන් වරට ලබාගත් මූලික වැටුප පමණක් හෝ දීමනාවක් ලෙස ඔවුන් සේවය කරමින් සිටි දෙපාර්තමේන්තුව මගින් මාසිකව නොකඩවා ලබාදෙන ක්‍රමවේදයක් සකස් කරදෙන මෙන් මහත් ඕනෑකමෙන් ඉල්ලා සිටිමු. ඔවුනට එසේ ලබාදෙන මෙම දීමනාව විශ්‍රාම වැටුප් සකස්වීමෙන් පසු ඔවුන්ගේ විශ්‍රාම පාරිතෝෂිතයෙන් අයකර ගැනීමට හැකි බවද වැඩිදුරටත් දන්වා සිටීමට කැමැති යැයිද එම ලිපියේ සඳහන්වේ.