29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පින්බර වෙසක් දිනය අදයි.

පින්බර වෙසක් දිනය අදයි.

ලෝවැසි බෞද්ධ ජනතාවගේ උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම යන තෙමගුල සිහිකෙරෙන වෙසක් පොහොය බෞද්ධ සැදැහැවතුන්ගේ වටිනාම පුණ්‍ය උත්සවයයි.

.ලොව පුරා පවතින ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් නිවෙස් තුළම රැඳී සිටිමින් මෙවර වෙසක් උත්සවය සැමරීමට සිදුව තිබේ.ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ඉල්ලීම මහතා මෙරට බෞද්ධ ජනතාව නිවෙස්වලට වීම වෙසක් උත්සවය සමරනු ලබයි.

බෞද්ධ වත්පිළිවෙත්වලට මූලිකත්වය ලබාදෙමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මෙවර වෙසක් උත්සවය සැමරීමට පියවර ගන්නා ලෙස අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ ජනතාවගෙන් ඉල්ලීමක් කළහ.

මේ අතර වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ පසුගිය වසරේ මෙන්ම මෙවර ද ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් සාමූහික පිංකම්වල නියැලීමට ඇති අවස්ථාව සෞඛ්‍ය අංශ නිර්දේශ මත තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇති බවය.

එහෙත් උතුම් තෙමඟුල සිහිකිරීමට තම තමන්ගේ නිවෙස්වල රැඳී සිටිමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගේ යෙදීමට එය බාධාවක් නොකරගත යුතු බව ජනාධිපතිවරයා පවසයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ අන්‍යයන්ගේ ජීවිතවල ආරක්ෂාවත් යහ පැවැත්මත් උදෙසා කැපවීම මෙම වසංගතය හමුවේ අපගේ සමාජ යුතුකම මෙන්ම බෞද්ධයාගේ උතුම් ගති ලක්ෂණ ලොවට ආදර්ශයෙන් පෙන්වාදීමට මෙය අවස්ථාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ බෞද්ධ දර්ශනයේ එන ඉගැන්වීම් ප්‍රායෝගිකව වටහා ගැනීමටත් බුදුන්වහන්සේ වඩාත් අගය කොට සැලකු ප්‍රතිපත්ති පූජාවන්ට නැඹුරුවීමටත් මෙම කාලය වඩාත් යෝග්‍ය බවය.

මේ අතර වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබේ.

සොබාදහමට හිතැතිව ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් බුදු තෙමඟුල සැමරීම බුදු දහමේ සැබෑ අරුථ පසක් කරවන්නට හේතු වන බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය සර්වකාලීන දහමක් බව මුළු මහත් ලෝකවාසීන්ම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සිටින මේ මොහොතේ සනාථ වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ වෙසක් දින පණිවුඩයේ සඳහන්ය.

ඒ අනුව සියලු බෞද්ධ ජනතාවට උතුම් වෙසක් මංගල්‍යක්වේවා යැයි ටොප් නිව්ස් ඒෂියා ප්‍රාර්ථනා කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments