29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මෙරට 47වෙනි නීතිපති විශ්‍රාම යයි.

මෙරට 47වෙනි නීතිපති විශ්‍රාම යයි.

නීතිපති ධුරයෙන් විශ්‍රාම යන ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අද (24) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බැහැ දුටුවේය.

තමන් නීතිපති ධුරයෙන් විශ්‍රාම යන බව අග්‍රාමාත්‍යතුමාට සැළ කර සිටි ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා තම සේවා කාලය තුළ විශාල නඩු සංඛ්‍යාවක්  සම්බන්ධයෙන් තීරණය කොට ඉදිරි කටයුතු සිදු කිරීමට හැකි වූ බව පෙන්වා දුන්නේය.

මෙරට තීරණාත්මක නඩු කිහිපයකටම අදාළව කටයුතු කිරීමට  ලැබීම මෙන්ම තවත් විශාල අපරාධමය නඩු සංඛ්‍යාවකට මුලපිරීමට සහ එම විමර්ශන සම්බන්ධව උපදෙස් දීම ද තම සේවා කාලය තුළ සිදුවූ සේවාවක් බව ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගේ විශ්‍රාම දිවියට සහ ඉදිරි කටයුතුවලට සුබ පැතුම් එක් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments