එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කන්ටේනර් කොටස්, දැවී තෙල්,අබලි ද්‍රව්‍ය, ප්ලාස්ටික් සහ චොක්ලට් ආදී කෙටි කෑම වර්ග මේ සම්බන්ධයෙන් සමුද්‍රීය ආරක්ෂණ පරිසර අධිකාරිය සඳහන් කර තිබුණේ වෙරළ තීරයට ගොඩගසා එන අබලි ද්‍රව්‍ය නොඅල්ලන ලෙසයි. එහෙත් ජනතාව එම උපදෙස් පිළිගන්නා ආකාරයක් නොපෙනේ.
කොළඹ වරායට නුදුරින් ගිනිගන්නා මෙම නැවේ අබිලි ද්‍රව්‍ය හා ඉන්ධන නිසා එම මුහුදු ප්‍රදේශයද දූෂණ තත්ත්වයකට පත්වෙමින් තිබේ.
උස්වැටකෙයියාවේ සිට මීගමුව මුහුදු තීරය දක්වා මෙම අබලි ද්‍රව්‍ය ගසාගෙන ඇවිත් ගොඩගසා ඇත. බහාලුමකින් වෙරළ පුරා විසිරී තිබෙන චොක්ලට් ආදී කෙටි කෑම වර්ග ඇතැම් පිරිස් රැගෙන යන තත්ත්වයක් දැකගත හැකියි.
ඒ අතර දහනයට ලක්වූ කන්ටේනර් කොටස් සහ තවත් විවිධ උපකරණ කොටස් රාශියක් දැකගන්නට ඇති බවද අප වාර්තාකරු පැවසීය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිට (25) මුදාගත් කාර්යමණ්ඩල සාමාජිකයින් අතර තුවාල ලබා සිටි දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිදුකළ PCR පරීක්ෂණයේදී ඉන් එක් අයෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.
ඒ සඳහා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් එක්ව ඇත.
මේ හරහා ගිනි නිවීමේ රසායනික ද්‍රව්‍ය (Dry Chemical Powder) කිලෝග්‍රෑම් 425ක් නැව මතට හෙළා තිබේ.