25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්නව නීතිපති වැඩභාර ගනියි.

නව නීතිපති වැඩභාර ගනියි.

නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 34ක සේවා කාලයක් සපුරා ඇතිරජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, අතිරේක සොලිසිටර් ජනරාල්, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සහ වැඩබලන සොලිසිටර් ජනරාල් නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ සහ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇති ඔහු ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබා ඇත. 

රාජරත්නම් මහතා එංගලන්තයේ සහ වේල්සයේ සොලිසිටර්වරයෙකි.

ඔහු 2014 නොවැම්බර් මාසයේදී ජනාධිපති නීතිඥවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය. 

සිවිල් හා අපරාධ නීති අංශ පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති ඒ මහතා දීර්ඝ කලක් ඉහළ අධිකරණවල පෙනී සිට ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍යම බුද්ධි ඒකකය ඇතුළු රජයේ ආයතන කිහිපයකම උපදේශක ධුරය හෙබවූ ඔහු ශ්‍රී ලංකාවේ නීති කොමිෂන් සභාවේ සහ නීති අධ්‍යාපන කවුන්සිලයේ ද සාමාජිකයෙකි.

දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද එක්ව සිටියේය.
 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments