22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු අබිලි ද්‍රව්‍ය නිසා මේවනවිට කිලෝමීටර් 10ක්පමණ දැඩි...

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු අබිලි ද්‍රව්‍ය නිසා මේවනවිට කිලෝමීටර් 10ක්පමණ දැඩි පරිසර හානියක්.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු රසායනික සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය හේතුවෙන් බස්නාහිර සහ වයඹ පළාත්වලට අයත් මුහුදු තීරයේ කිලෝමීටර 10 ක් පමණ දැඩි පරිසර හාන්යකට ලක්ව ඇතැයි සමුද්‍රීය පිරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති නීතිඥා දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය.

දික්ඕවිට සිට කොච්චිකඩේ දක්වා මුහුදු තීරයට මෙහිදී දැඩි හානියක් සිදුව ඇති බවත් එම හානිය පිළිබඳව වාර්තාවක් මේ වන විටත් සකස් කර ඇති බවත් දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය.

ආපදා කළමනාරකණ මධ්‍යස්ථානය හරහා ත්‍රිවිධ හමුදාව යොදාගෙන එම මුහුදු තීරණයෙන් අපද්‍රව්‍ය සම්පූර්ණයෙන් ඉවත්කිරීමට නියමිත බවත් හැකි පමණ වෙරළ තීරය යථා තත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය පැවසුවාය.

ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා ගන්නා ‘පබළු’ වැනි අමුද්‍රව්‍යයක් මෙම වෙරළ තීරයේ විසිරී තිබෙන බවත් ඇතැම් විට එම ද්‍රව්‍ය වැලිත් සමඟම ඉවත්කිරීමට සිදුවිය හැකි බවත් සභාපතිනිය කීවාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments