29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් ජනපතිගෙන් අති විශෙෂ ගැසට් නිවේදනයක්.

අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් ජනපතිගෙන් අති විශෙෂ ගැසට් නිවේදනයක්.

ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ සඳහන් කරමින් අති විශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයා එම අති විශෙෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය යටතේය.

එම සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්,

ශ්‍රීලාංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වන මම 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2වන වගන්තිය ප්‍රකාරව මාවෙත පැවැරි ඇති බලතල අනුව මෙම නිවේදනය මගින් පහත උපලේඛනයෙහි සඳහන් වන සේවාවන් සැයීමේහි නිරතවන ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දේපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමූපකාර සමිතියකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන සේවාවන් සමාන්‍ය ජනජීවිතිය පවත්වාගෙන යෑම සඳහා අත්‍යාවශ්‍ය වන බව සැළකිල්ලට ගනිමින් හා එම සේවාවන් සැපයීමට අවහිරයක් හෝ බාධාවක් ඇතිවීමට හැකියාවක් පැවතීම හේතුවෙන් සහ සෞඛ්‍ය හා ආරක්ෂක සේවාවන් කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ නිරෝධායන කටයුතු ඇතුළු අනෙකුත් ආශ්‍රිත සේවාවන් සැපයීමේ අඛණ්ඩ සේවාවක නිරතව සිටින බවද, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් කොවිඩ් 19 රෝග නිවාරණ සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්හි සඳහන්වන කරුණුද අවධානයට ලක්කරමින් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පාළාත් පාලන ආයතනයකින් හෝ සමුපකාර සමිතියකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන පහ උපලේඛනයේ සඳහන් සේවාවන් පූර්වෝක්ත වගන්තියෙහි කාර්යයන් සඳහා අත්‍යාවශ්‍ය සේවාවන් මෙම ආඥාවෙන් ප්‍රකාශ්‍යට පත් කරමි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments