29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිසා සාගර පරිසරයට හානි සිදුවි ඇත්ද සොයා බැලේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිසා සාගර පරිසරයට හානි සිදුවි ඇත්ද සොයා බැලේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් සාගර පරිසර පද්ධතියට හානි සිදුව ඇත්ද යන්න පිළිබඳව සොයා බැලීමට ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනය (නාරා ආයතනය ) පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය පාලිත කිත්සිරි මහතා පවසයි.

ඒ අනුව වත්තල සිට මාරවිල දක්වා වන වෙරළ තීරය ආශ්‍රිත ජල සාම්පල එක්රැස් කිරීම ආරම්භ කර ඇතැයිද එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය පාලිත කිත්සිරි මහතා වැඩිදුරටත් කියා සිටියේය

ගිනි ගනිමින් ඇති එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට එක් වූ ද්‍රව්‍ය හේතුවෙන් පරිසරයට හානියක් සිදු වී ඇත් ද යන්න අධ්‍යයනය කිරීම සඳහා එලෙස ජල සාම්පල් එක්රැස් කරන බවත් , මේ සදහා විශේෂ කණ්ඩායමක් යොමුකර ඇති බවද අචාර්ය පාලිත කිත්සිරි මහතා කීය .

ඉදිරි දින දෙක ඇතුළත එම පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කළ හැකි බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදි ශ්‍රී ලංකා සමුද්‍රජීව පරිසර ආරක්ෂණ අධිකාරියේ නීතිඥ දර්ශනි ලහඳපුර මහත්මිය කියා සිටියේ සුන්බුන් අත ගෑ බොහෝ දෙනකුට සමේ අසාද්මිතතා ඇතිවි තිබෙ බවය. තවද පරිසර හානිය ගැන සෙවීම සඳහා නාරා ආයතනය සමග එක්ව ක්‍රියාකරන බව ඒ මහත්මයි කීවාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments