රට තුළ පවත්නා හදිසි තත්වයන් හේතුවෙන් මහජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ කිසිදු ගැටළුවකින් තොරව ලබා ගැනීම සඳහා මෙරට දැනට පවතින විශාලතම සිල්ලර අලෙවිසැල් ජාලය වන සතොස හරහා ක්‍රියාත්මක වනක්ෂණික ඇමතුම් අංක 1998 හෝ WWW.lankasathosa.lkසතොස ඔන්ලයින් සේවාව ක්‍රියාත්මක බව වෙළඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාර කරයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා එම අමාත්‍යාංශයේදි පැවැති මාධ්‍ය හමුවේදි අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය……….
මෙහිදී ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ අවම මිළ ගණන් යටතේ පාරිභෝගික ජනතාව වෙත ලබා දීම සඳහා වඩාත් කාර්යක්ෂම හා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව සිදුකෙරෙනවා. ඉන් එක් අදියරක් වශයෙන් ක්ෂණික ඇමතුම් අංක 1998 හෝ WWW.lankasathosa.lkසතොස ඔන්ලයින් සේවාව ක්‍රියාත්මක කර ඇති ආකාරය පැහැදිලි කළයුතුයි.
එමෙන්ම සතොස මඟින් මෙම මස 31 වැනි දින සිට ක්‍රියාත්මක කරනු ලබන අත්‍යාවශ්‍ය භාණ්ඩ 10ක් අන්තර්ගත වන රු.1000/= සහන මල්ල සහ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින රු.5000/= සහන මල්ල ද, ජනතාවට සිය අවශ්‍යතාවය අනුව සකසා ගත් භාණ්ඩ ලැයිස්තුව ද සතොස අලෙවිසැලෙන් ඇණවුම් කිරීමට ද මෙම ක්ෂණික ඇමතුම් අංකය හා සතොස online සේවාව ඔස්සේ පහසුකම් සලසා තිබෙනවා.
රුපියල් දහසේ සහන මල්ල සඳහා නාඩු හාල් කිලෝ 1ක්, රතු කැකුළු කිලෝ1ක්, තිරිඟු පිටි කිලෝවක්, රතු පරිප්පු කිලෝ 1ක්, නූඩ්ල්ස් කිලෝ 1ක්, සුදු සීනි කිලෝ 1ක්, (තායි) හාල්මැස්සන් ග්රෑපම් 200ක්, තේ ග්‍රෑම් 100ක්, ලුණු කුඩු පැකට් 1ක්, මුහුණු ආවරණයක් යන භාණ්ඩ ඇතුළත් වේ. එමෙන්ම වෙනත් අවශ්යල ඕනෑම භාණ්ඩ ප්‍රමාණයක් මෙම ක්ෂණික දුරකථන අංකය හා සතොස online සේවාව ඔස්සේ ඇණවුම් කිරීම තුළ නිවසටම ගෙන්වා ගැනීම සඳහා ජනතාවට අවස්ථාව සලසා තිබෙනවා.