29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අඩු ආදායම්ලභීන්ට රුපියල් පන්දහස ගෙවීම ලබන(02) සිට.

අඩු ආදායම්ලභීන්ට රුපියල් පන්දහස ගෙවීම ලබන(02) සිට.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ආදායම් අහිමි වූවන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සඳහා රුපියල් 5,000 සේ දීමනාව යළි ලබාදීමට රජය තීරණය කර තිබේ.

එළඹෙන ජුනි මස 2 වනදා සිට මෙම දීමනාව ලබාදීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

මෙවර රුපියල් 5,000 සේ දීමනාව ලබාදීම සඳහා රජය රුපියල් බිලියන 30 ක මුදලක් වෙන් කර තිබේ.

කාණ්ඩ 4 ක් යටතේ මෙම දීමනාව ලබා දීමට නියමිතය. 

ඒ අනුව,

  1. සමෘද්ධිලාභීන්ට.
  2. කොවිඩ් හේතුවෙන් ආදායම් අහිමිවූවන්ට.
  3. මේ වන විටත් කුමන හෝ රජයේ දීමනාවක් හිමිවන පුද්ගලයින්.
  4. හඳුනාගත් අඩු ආදායම්ලාභීන්ට.

මෙම දීමනාව හිමිවනු ඇත.

මේ අතර රජයේ අනෙකුත් දීමනා ලබන පිරිස් වෙත එහිදී ලැබෙන දීමනාව රුපියල් 5,000 කට අඩු නම් ඔවුන්ට හිමිවන්නේ අදාළ හිඟ මුදල පමණි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments