26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ලබන 21 රට විවෘතවෙයිද?

ලබන 21 රට විවෘතවෙයිද?

එළඹෙන 21 වනදා රට විවෘත කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව ඉදිරි දින කිහිපයේදී ලැබීමට නියමිත PCR පරීක්ෂණ වාර්තා අධ්‍යයනය කිරීමෙන් පසු සිදුකරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා,

“සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිරෝධායනය සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. දැන් අපි පළමු පෙළ ආශ්‍රිතයින් දින 10කින් පසු PCR පරීක්ෂණයකට යොමු කරන්නේ නෑ. දින 14කින් පසු ඇන්ටිජන් පරීක්ෂාවකට යොමු කරනවා. නෙගටිව් නම් අපි ඔවුන්ව නිදහස් කරනවා. අහඹු PCR සංඛ්‍යාව ඉහළ දැමීමට මේකෙන් හැකි වෙලා තියෙනවා. ඉදිරි දින කිහිපයේදී මේ අහඹු PCR ප්‍රතිඵල හරහා රටේ පවතින යථාර්තය අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙයි. ඒ නිසා අපි කියන්නේ සංචරණ සීමා ගැන තීරණය ඒ අධ්‍යයනයෙන් පසුව ගන්න කියලයි.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments