21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්ඊශ්‍රායල් හා පලස්තීන යළිත් ගැටුම්.

ඊශ්‍රායල් හා පලස්තීන යළිත් ගැටුම්.

පලස්තීන – ඊශ්‍රායල ගැටුම් තවත් වටයකින් යළිත් මතු කරමින් දෙපාර්ශවය අතර පසුගිය දෙදින පුරා රොකට් සහ ගුවන් ප්‍රහාර ද එල්ලවීමෙන් අනතුරුව ඊශ්‍රායලයේ ලෝද් නගරයේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කෙරිණි.

ගැටුම් උත්සන්නවද්දී ඊශ්‍රායල අරාබි ජාතිකයින් ගෙන ගිය කෝළාහල ඊට හේතු විය.

මෝටර් රථ ගිනි තැබුණු අතර ගාසා තීරයෙන් එල්ල වූ රොකට් ප්‍රහාරයකට ලක්වීමෙන් මෝටර් රථයක වුන් ඊශ්‍රායල අරාබි ජාතික පියෙක් සහ දියණිය මිය ගියහ.

ගාසා තීරයට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කරද්දී පලස්තීන සටන්කරුවන් එල්ල කළ රොකට් ප්‍රහාර ඊශ්‍රායලය භූමිය අභ්‍යන්තරයට ඇදී ගියේය.

ඊශ්‍රායලය හමුදාව පවසන පරිදි 2014 න් පසු ගාසා තීරයට එල්ල කළ විශාල ම ප්‍රහාරය මෙයයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments