29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්යුපුන් අබේකෝන් ලොව වේගවත්ම ධාවකයින් අතරට.

යුපුන් අබේකෝන් ලොව වේගවත්ම ධාවකයින් අතරට.

යුපුන් අබේකෝන් ලොව වේගවත්ම ධාවකයින් අතර 46 වන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

ඒ, ටෝකියෝ ඔලිම්පික් උළලෙ සදහා ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුවයි.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් සියය ධාවන ඉසව්වට එක්වීමට ක්‍රීඩකයින් 56 දෙනෙකුට අවස්ථාව හිමි වනවා. ඉන් ක්‍රීඩකයින් 52 දෙනෙකු තෝරා ගැනෙන්නේ පරිසාදන මට්ටම් අනුව සහ ලකුණු සටහනේ අනුපිළිවෙල අනුවයි.

මෙවර ඔලිම්පික් පරිසාදන මට්ටම වන තත්පර 10 යි දශම බින්දුවයි පහේ සීමාව පසු කිරීමට සමත්ව ඇත්තේ ක්‍රීඩකයින් 39 දෙනෙකු පමණයි. යුපුන් අබේකෝන් මීටර් සියය ඉසව්වෙන් දක්වා ඇති දක්‍ෂතාව තත්පර 10 යි දශම බින්දුවයි 9 ක්.

මේ අතර ජපානයේ ටෝකියෝ නුවරදී ලබන ජූලි මස 23 වනදා ආරම්භ වන ඔලිම්පික් උළෙලට සහභාගිවීමට පැමිණි උගණ්ඩා කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

උගණ්ඩා කණ්ඩායමට ක්‍රීඩකයින් 9 දෙනෙකු ඇතුළත් වූ අතර ජපානයේ නරිටා ගුවන් තොටුපොලේදී ඔවුන්ට සිදුකළ පී සී ආර් පරීක්‍ෂණවලදී එක් ක්‍රීඩකයෙකු මෙලෙස ආසාදිතයෙකු ලෙස හදුනාගෙන තිබෙනවා.

එම උගණ්ඩා ක්‍රීඩකයා කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔහු මේ වනවිට ස්වයං නිරෝධානයට යොමුකර තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments