26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලවරණයට අධිකරණ වාරණයක්.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලවරණයට අධිකරණ වාරණයක්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2021-2022 වසර සඳහා වූ  වාර්ෂික නිලවරණය පැවැත්වීමෙන් වළකින ලෙස හා නිලවරණය පවත්වන තුරු එම සංගමයේ වත්මන් විධායක කමිටුවේ කටයුතු තවදුරටත් පවත්වාගෙන යාමට බාධා නොකරන ලෙස දන්වමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ලබන 26 වනදා පැවැත්වීමට නියමිත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයට එරෙහිව එම සංගමයේ සහකාර ලේකම්වරු පිරිසක් ගොනුකළ පැමිණිල්ලක් මූලික වශයෙන් සලකා බැලීමෙන් පසුව කොළඹ දිසා විනිසුරුවරයා විසින් එම නියෝගය නිකුත් කළ බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසුවේය.

මෙහිදි  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ලබන 26වන දා නිලවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් තිබේ දැයි තම සේවාදායකයින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගෙන් විමසීමක් කළ බව සඳහන් කළේය.

ඒ අනුව එදින නිලවරණයක් පැවත්වීම නුසුදුසු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැනුම් දී ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ලබන 26 වනදා නිලවරණයක් නොපැවැත්වෙන බව අධිකරණයට දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා නියම කරගත් පරිදි වාර්ෂික නිලවරණය නොපවත්වන ලෙස හා එම නිලවරණය පවත්වන තුරු වත්මන් විධායක කමිටුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට බාධා කිරීමෙන් වළකින ලෙස දන්වා වාරණ නියෝගයක් නිකුත් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments