29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්“සරුසාර” සිපිරි ගෙයින් ගොවි බිමට

“සරුසාර” සිපිරි ගෙයින් ගොවි බිමට


බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමාගේ සංකල්පයකට හා යෝජනාවකට අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වසවිසෙන් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණ ශක්තිමත් කරමින් බන්ධනාගාර ගත රැදවියන්ගේ දායකත්වයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය සහ එළවලු, පළතුරු බන්ධනාගාර‍ ආශ්‍රීතව නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක් අද දින මඩකළපුව බන්ධනාගාර එළිමහන් පරිශ්‍රයේදී ආරම්භ කෙරිණ.
“සරුසාර” සිපිරි ගෙයින් ගොවි බිමට යන මැයෙන් කෘෂිකර් ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ සහයෝගය ඇතිව, ආරම්භ කළ වැඩපිලිවෙල ඉදිරියේදී වීරවිල, කදුරුගස්අාර (තුන්කම), තල්දෙන, හංගිලිපොල(මහව), අනුරාධපුරය යන එළිමහන් බන්ධනාගාර පරිශ්‍ර තුළත් ඉතාමත් කඩිනමින් ආරම්භ කරන බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමා විසින් ප්‍රකාශ කරන ලදි. බන්ධනාගාර තුළ සිරගතව සිටින රැදවියන් සියලු දෙනා මෙම ක්‍රියාවලිය සදහා සම්බන්ධ කර ගන්නා බවත්, එය ඔවුගේ මානසික සෞඛ්‍ය ඉහල නැංවීමටත් බන්ධනාගාරයෙන් නිදහස්ව යන රැදවියන්ට ස්වයං රැකියාවක් සදහා ජිවිතය පවත්වාගෙන යෑමට මහගු රුකුලක් බවට මෙම ක්‍රියාවලිය තුළින් ඉෂ්ඨ සිද්ධ වන බවත් අමාත්‍ය වරයා තවදුරටත් සදහන් කරන ලදී.
ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යතුමාගේ ආරාධනය පිලිගෙන “සරුසාර” සිපිරි ගෙයින් ගොවි බිමට කර් තව්‍ය සාර් ථක කර ගැනීමට නොමසුරු සහයෝගය ලබා දෙමින් කටයුතු කළ කෘෂිකර් ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාහට ගරු රාජ්‍ය අමාත්‍යතුමන් ගෞරවණිය ස්තුතිය පිරිනමන ලදි. මෙහිදි කෘෂිකර් ම අමාත්‍යතුමන් විසින් බන්ධනාගාර ආශ්‍රතව සැලසුම් කරන මෙම කාබනික පෙහොර නිශ්පාදනය කිරීමේ වැඩපිළිවෙළට අවශ්‍ය තාක්ෂණය සහ මූල්‍ය අනග්‍රාහය සදහා තම අමාත්‍යාංශ ය සෘජුවව දායකත්ව වන බවට ඒතුමා පොරොන්දු විය.
මෙම උත්සවය සදහා රාජ්‍ය අමාත්‍ය ඒස්. ව්‍යාලේන්ද්‍රන්, පාර් ලිමෙන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්, පරමශිවන් චන්ද්‍රකුමාර මහතා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය බන්ධනාගර අතිරේක කොමසාරිස් තුසිත උඩුවර, මඩකලපුව සහකාර බන්ධනාගාර අධිකාරී සූජීව විජේසේකර හා කෘෂිකර් ම අමාත්‍යාංශයේ නිළධාරීන් අතුලු විශාල පිරිසක් සහභාගි විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments