29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් අනුර ධනපාල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම...

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් අනුර ධනපාල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි.

රියර් අද්මිරාල් අනුර ධනපාල සිය වසර 33 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 ජුනි 27) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරන මණ්ඩලය විසින් අද දිනට 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් අනුර ධනපාල වෙත උපන් දින සුභපැතුම් එක් කරන ලදී. නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාර පුද ‍කිරීමෙන් අනතුරුව සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් ‍එම ජ්‍යේෂ්ඨ නිලධාරියා නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන ලදී.  

1987 වර්ෂයේදී 17 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් අනුර ධනපාල, තම සේවා කාලය තුළ විවිධ නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇති අතර, ශ්‍රීලංනානෞ විදුර ආයතනයේ ආඥාපති, නාවික අණභාර නිලධාරී ත්‍රිකුණාමලය දකුණ, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික ව්‍යාපෘති හා සැළසුම් සහ සාමාන්‍යාධිකාරී මාලිමා සත්කාරක සේවාව, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මැරීන් විශේෂ බලකාය, නාවික හමුදාධිපතිගේ නාවික සහායක, අධ්‍යක්‍ෂ නාවික සැපයුම් කළමණාකරණ මැදිරිය, අධ්‍යක්‍ෂ නාවික පරීක්‍ෂණ ඒකකය, දකුණු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති හා ගාල්ල වරාය පහසුකම් ආරක්‍ෂක නිලධාරී, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති සහ ත්‍රිකුණාමලය වරාය පහසුකම් ආරක්‍ෂක නිලධාරී ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments