මේ සඳහා සංශෝධන 78ක් ඉදිරිපත් කර තිබෙන අතර අවශ්‍ය කටයුතු සඳහා සකස් කර තිබෙන කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවට යවා තිබේ. පසුව එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. ඉන්පසු රජය නියම කළ මිලට වැඩිය භාණ්ඩ විකිණීමේද පළමු වරට අසුවීමේදී රුපියල් ලක්ෂයක දඩයක්ද දෙවන වරට අසුවීමේදි රුපියල් ලක්ෂ දෙකක දඩයක් වශයෙන් දඩ මුදල් වැඩිවෙන බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ටොප් නිව්ස් ඒෂියා වෙත පැවැසීය.