25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ස්විස් තානාපති අමෙරිකානු ඩොලර් මිලියන 4ක වෛද්‍ය අධාර අගමැති මහින්ද රාජපක්ෂ මහතාට...

ස්විස් තානාපති අමෙරිකානු ඩොලර් මිලියන 4ක වෛද්‍ය අධාර අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පිරිනමයි.

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා අද (28) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී අමෙරිකානු ඩොලර් මිලියන 4ක වෛද්‍ය ආධාර තොගයක් පිරිනැමුවේය.

කොවිඩ් අභියෝගය ජයගැනීම උදෙසා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවලට ස්විස්ටර්ලන්ත රජය ලබාදෙන සහන සම්බන්ධයෙන් අදහස් පළ කරමින් එරට විදේශ අමාත්‍ය ඉග්නේෂියෝ කැසිස් මහතා මෙයට පෙර සඳහන් කර තිබුණේ “ අපට මෙම වසංගතය අවසන් කළ හැක්කේ එකාවන්ව එක්වීමෙන් පමණයි. අන්තර්ජාතික සහයෝගය ඊට අත්‍යවශ්‍යයි” යනුවෙනි.

මෙම පරිත්‍යාගයන් සම්බන්ධයෙන් සිවිස්ටර්ලන්ත ජනතාවට සිය ස්තුතිය පුද කළ අග්‍රාමාත්‍යතුමා, දෙරට අතර පවතින ශක්තිමත් සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම මෙහි දී අවධාරණය කළේය.

කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනයට අවශ්‍ය ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ සහ ප්‍රතිදේහ ජනන පරීක්ෂණ කට්ටල ඇතුළු උපකරණ තොගයක් මෙසේ පිරිනැමූ වෛද්‍යාධාර තොගය අතර වේ.

ශ්‍රී ලංකා – ස්විස්ටර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය (SLSPFA) නැවත සක්‍රීය කිරීමේ අවශ්‍යතාවය සහ අතීතයේ දී දෙරටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාර්ථකව පැවැති වැඩසටහන් පිළිබඳව ද මෙම හමුවේ දී අවධානය යොමු විය.

අග්‍රාමාත්‍යතුමා මෙහි දී ශ්‍රී ලංකා – ස්විස්ටර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ (SLSPFA) කැඳවුම්කරු ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මහතාට එහි වගකීම් පැවරුවේය.

ඉතා නුදුරු අනාගතයේ දී සංචාරක ව්‍යාපාරය යළි පණගැන්වෙනු ඇති බවට පවතින ලෝක අපේක්ෂාව අනුව ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකම් හා සේවාවන් වැඩි දියුණු කිරීමට ස්විස්ටර්ලන්ත රජය සහයදක්වන බව තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා අග්‍රාමාත්‍යතුමා හමුවේ විශ්වාසය පළ කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments