යල් පැන ගිය නීති සංශෝධනය කර වර්තමානයට ගැලපෙන පරිදි නීති පද්ධතිය යාවත්කාලීන කිරීමේ වැඩ පිළිවෙල අනුව මෙරට තුල දැනට පවතින විවහා දික්කසාද සහ බාලවයස්කාර දරුවන්ට අදාල නීති සංශෝධනය කිරිම සඳහාපත් කළ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ කුෂාන්ද අල්විස් මහතා අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා වෙත භාදීම (28) අධිකරණ අමාත්‍යාංශයේදි සිදුකෙරිණි.
ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කමිටුවේ කැඳවුම්කාරිණිය ලෙස නීතිඥ මොක්ෂනි ජයමාන්න මහත්මිය කටයුතු කරයි. ඊට සමාජිකයින් 12දෙනකු ඇතුළත්වු අතර එකී කමිටුව විසින් නිදහසින් පසු කිසිදු සංශෝධනයකට ලක්නොවු සාමන්‍ය විවාහ, දික්කසාද නීතිය යාවත්කාලීන කිරීම විශේෂම අරමුණක්විය.
මෙරට විවාහ දික්කාසාද නීතිය 1906 වසරේ සිට පැවැත එන අතර 1969 වසරේ සිට බ්‍රිතාන්‍ය තුල පවා එම නීතිය භාවිතා කිරීමක් සිදුනොවන අතර වසර සිය ගණනකින් මෙම නීතිය යාවත් කාලීන වී නොමැති වීම හේතුවෙන් පොදු ජනතාවට විවිධ අපහසුතාවයන්ට පත්වන්නට සිදුව තිබුණි.
ඒ අනුව වෛහාක නීතියට අදාලවු කරුණු හා දික්කසාද ලබාගැනීම සඳහා අධිකරණයට ඉදිරිපත් කළ යුතු පදනම් වෙනසකට ලක් කිරීමට නියමිත අදාල තීරණවලට එළඹීමේදී 1956 වර්ෂයේදි පත් කරන ලද එහෙත් ක්‍රියාත්මක නොවු කනකරත්න වාර්තාව, බාලවයස්කාර දරුවන් සම්බන්ධයෙන්වු ජාතික ප්‍රතිපත්ති වාර්තා වර්ෂ 2007දී ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් කෙටුමපත් කරන ලද වෛවාහක හේතු පනත (draft matrimonial causes act) පවුල් නීතියේ ප්‍රතිසංස්කරණ සඳහා වු වාර්තා මෙන්ම 2021 වර්ෂයේදී නීතිපති දෙපාර්තමේන්තුව කෙටුම්පත් කරන ලද සිවිල් නඩු විධාන සංග්‍රහයට යෝජිත සංශෝධනද එක්සත් රාජධානිය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව හා සිංගප්පූරුව යන රටවල ක්‍රියාත්මක වන නීතිමය තත්ත්වයන්ද සළකා බලනු ලැබේ.
අදාළ යෝජනාවලින් ඉදිරිපත් කර ඇති තවත් වැදගත් නීතියක් වන්නේ විදේශයන්හීදි ශ්‍රී ලාංකිකයන් විසින් ලබා ගන්නා දික්කසාද නඩු තීන්දු මෙරට ලියාපදිංචි කිරීම සඳහා යෝජිත පනත් කෙටුම්පතයි. වාර්තමානය වන විට ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක් විදේශවල පදිංචි කිරීමට නොහැකිවීම මගින් බාලවයස්කාර දරුවන් සම්බන්ධයෙන් මෙන්ම මෙරට තුල පිහිටි දේපළ සම්බන්ධයෙන් ද විශාල අර්බුදකාරි තත්ත්වයක් නිර්මාණය වී තිබිණි. ඒ සම්බන්ධයෙන් සියවස් ගණනක් මුළුල්ලේ පැවැති නීතියේ ඌණතාවලට පිළියම් යෙදීම මෙහි අරමුණයි.