29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ස්වාධීන එන්නත් උපදේශන විශේෂඥ කමිටුවෙන් ප්‍රජා වෛද්‍ය පීඨයට සම්බන්ධ මහාචාර්ය නීලිකා මලවිගේ...

ස්වාධීන එන්නත් උපදේශන විශේෂඥ කමිටුවෙන් ප්‍රජා වෛද්‍ය පීඨයට සම්බන්ධ මහාචාර්ය නීලිකා මලවිගේ ඉල්ලා අස්වී තිබේ.

ස්වාධීන එන්නත් උපදේශන විශේෂඥ කමිටුවෙන් ප්‍රජා වෛද්‍ය පීඨයට සම්බන්ධ මහාචාර්ය නීලිකා මලවිගේ ඉල්ලා අස්වී තිබේ.  මීට සති දෙකකට පෙර කොළඹ උතුර (රාගම) වෛද්‍ය පීඨයට අනුබද්ධ මහාචාර්ය ඒ. පත්මේෂ්වරන්ද ඉල්ලා අස්වී තිබුණි. විශේෂඥ වෛද්‍යවරුන් වන ආනන්ද විජේවික්‍රම, වෛද්‍ය රජීව ද සිල්වා, වෛද්‍ය කාන්ති නනායක්කාර (වෛරස් විද්‍යා), මහාචාර්ය චන්න රණසිංහ (ශ්වසන වෛද්‍ය), ආචාර්ය ලක්කුමාර් ප්‍රනාන්දු (ළමා රෝග විශේෂඥ) සහ වෛද්‍ය හසිත තිසේරා (වසංගත රෝග විද්‍යා) යන අයද මෙම කමිටවුට ඇතුළත් සිටියහ. මෙම කමිටුව විසින් ලොව බොහෝ රටවල එන්නත් කරන වැඩපිළිවෙල සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පිළිබඳව මනා අධ්‍යනයකින් පසු මෙරටට එන්නත් කරන වැඩපිළිවෙලක් නිර්දේශ කළ නමුත් අවසානයේ සිදුවූයේ එය විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතාවය පරිදි වෙනස් වීමට ලක්වීමයි. මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වාධීන විශේෂඥ කමිටුවේ සාමාජිකයෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශක කමිටුව (NACCD) දුන් උපදෙස් අනුව එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කළේ නම්, පසුගිය මාස කිහිපය තුළ සිදුවූ බොහෝ මරණ වළක්වා ගත හැකිව තිබූ බවය. 

මේ සම්බන්ධයෙන් රවි කුමුදේශ් මහතා කියා සිටින්නේ මේ ඉල්ලා අස්වීම් ගැන නිසි පහැදිලි කරුණු නැති බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments