කොවිඩ් -19 වසංගතය පාලනය වෙනුවෙන් 2020 වසරේ සිට මේ දක්වා රජය රුපියල් බිලියන 262ක් වියදම් කර ඇති බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (30) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති මුදල් අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අනාවරණය විය.
මුදල් අමාත්‍යවරයා වශයෙන් අමාත්‍යාංශයට අයත් සියලුම ආයතනවල වර්තමාන තත්ත්වය සහ පවතින ගැටලු නිරාකරණය කිරීම පිළිබඳව අග්රායමාත්යහතුමා මෙහි දී අවධානය යොමු කළේය.
භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල මහතා විසින් මෙහි දී “අභියෝග මැදින් සෞභාග්යසයේ මාවත කරා” මැයෙන් මුදල් අමාත්‍යාංශයේ ප්‍රගතිය හා ඉදිරි දැක්ම ඉදිරිපත් කළේය.
“රජය ඉතා සාර්ථකව කොවිඩ් පළමු හා දෙවැනි රැල්ල පාලනය කළ බව කී එස්.ආර් ආටිගල මහතා සමාජ ආර්ථික බලපෑම් ඇතිකරමින් අප්රේ්ල් මාසයේ පටන් ඇරඹි තෙවැනි රැල්ලට ද සාර්ථකව මුහුණ දෙමින් සිටින බව පෙන්වා දුන්නේය. මෙම අසීරු කාලවකවානුවේ වුවද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යපාරිකයන් ඇතුළු සහන ලැබිය යුතු ජනතාව වෙනුවෙන් අග්රාකමාත්යසතුමාගේ උපදෙස් පරිදි මුදල් අමාත්යංපශය ඔස්සේ ප්රැතිපාදන වෙන් වූ බව පෙන්වා දුන් එස්.ආර් ආටිගල මහතා පිරිසිදු අය-වැයක් පසුගිය වතාවේ ඉදිරිපත් කරනු ලැබුවේ 2019 වර්ෂයේ නොපියවා තිබූ රුපියල් බිලියන 423ක හිඟ බිල්පත් ගෙවා දමමින් බව සිහිපත් කළේය.
මුදල් අමාත්යංනශ දත්තයන්ට අනුව 2020 වර්ෂයේ දී කොවිඩ්-19 පාලනය වෙනුවෙන් රජය රුපියල් බිලියන 117ක් වැය කර ඇති අතර 2021 වර්ෂයේ මේ දක්වා තවත් රුපියල් බිලියන 53ක් වැය කර තිබේ. අදාළ කාලයන් තුළ එන්නත්කරණය හා අනෙකුත් වියදම් සඳහා තවත් රුපියල් බිලියන 92ක් වැය කර ඇති බව එස්.ආර් ආටිගල මහතා පවසයි.
පොලී අනුපාත අඩුකරමින් ද ණය සහන ලබා දෙමින් ද උද්ධමනය සියයට 4 සිට සියයට 6 දක්වා පවත්වාගෙන යාමට හැකිවූ බවත් පසුගිය මැයි මාසයේ එය සියයට 6.1ක් හෝ 6.2 දක්වා ඉහළ ගිය ද එම අගය අඩු කර ගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදමින් ඇතිබව එස්.ආර් ආටිගල මහතා මෙහි දී පෙන්වා දුන්නේය.
විමධ්ය ගත අරමුදලෙන් මේ වනවිට රජය අනුමත කර ඇති සංවර්ධන ව්යාආපෘති ගණන 11000ක් බව ද මෙහි දී හෙළිදරව් විය.
සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ,ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්යල අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා මෙහි දී අදහස් පළ කරමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ දීමනා පිරිනැමෙන සියලු කාණ්ඩවල ජනතාව වෙනුවෙන් රුපියල් 5000 දීමනාව මේ වනවිට සිවු වතාවක් ප්රිදානය කර ඇති බව ප්රසකාශ කළේය.
නිෂ්පාදන ගම්මාන 500ක් ඇතිකිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව ද නීල් බණ්ඩාර හපුහින්න මහතා පෙන්වා දුන්නේය.
මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.පී රත්නායක මහතා කරුණු දක්වමින් කොවිඩ් හමුවේ බිඳ වැටුණු ව්යාපාර නැවත නඟා සිටුවීම සඳහා දෙස් විදෙස් බැංකු සමඟ සාකච්ඡා කරමින් පොලී අනුපාත අඩු කර ණය සහන ලබා දීමට හැකි වූ බව ප්රසකාශ කළේය.
විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම සඳහා මූල්ය ක්ෂේත්‍රයේ නියෝජනය කරන ආයතන සමඟ සාකච්ඡා කරමින් සිටින බව කී ආර්.එම්.පී රත්නායක මහතා 2022 ජනවාරි මාසය වනවිට ජාතික ණය සුරැකුම් ආයතනයක් රට තුළ ස්ථාපිත කරන බවට විශ්වාසය පළ කළේය.
2020-2024 කාලය තුළ කොටස් වෙළඳපළ තුළ අලුතින් සමාගම් 500ක් ලැයිස්තුගත කිරීමට අපේක්ෂා කරන බව ද හෙතම කියා සිටියේය.
විරුද්ධ පක්ෂය විවිධ මතවාද ඉදිරිපත් කළ ද මේ දක්වා විදේශ ණය අතපසු නොකර ගෙවීමට හැකිවී ඇතැයි ද ඉදිරියටත් එම ණය වාරික අතපසුවීමකින් තොරව ගෙවීමට කටයුතු කරමින් සිටින බව ද මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්නමන් මහතා මෙහි දී අවධාරණය කළේය.
මුදල් අමාත්යංිශයේ ස්ථාන රැසකට විසිරී තිබෙන ආයතන ජනතාවගේ පහසුව වෙනුවෙන් එකම ගොඩනැගිල්ලකට ගෙන ඒම ගැන සොයා බලන්නැයි අග්රාීමාත්ය තුමා මෙහි දී මුදල් අමාත්‍යාංශ හා භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල මහතාට උපදෙස් දුන්නේය.
රාජ්‍ය අමාත්‍යවරුන්වන අජිත් නිවාඩ් කබ්රාල්, ෂෙහාන් සේමසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල, රාජ්යි අමාත්යංීශ ලේකම්වරුන්වන ආර්.එම්.පී රත්නායක, නීල් බණ්ඩාර හපුහින්න, අග්රාමමාත්යා අතිරේක ලේකම් චමින්ද කුලරත්න, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහත්වරුන් ඇතුළු රාජ්‍ය බැංකු හා මුදල් අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.