මේ සියලුදෙනා ඉකුත් දින කිහිපය තුල අත්අඩංගුවට ගෙන තිබේ.
රාගම කැන්ලියද්ද පාළුවේ හෙරෝයින් ග්‍රෑම්03යි මිලිග්‍රෑම්10ක්,රුපියල් 377,070මුදලක්,අත් අඩංගුවට ගත් සැකකරුඑම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කඳාන පොලිස් වසමේ ජීවානන්ද නාහිමි මාවතට හැරෙන මංසන්දීයේදී හෙරොයින් ග්‍රෑම්01යි මිලිග්‍රෑම් 43ක් සන්තකයේ තබාගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
කඳාන පොලිස් වසමේ දකුණු බටගම කඳාන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් දහයයි මිලිග්‍රෑම් 85ක් හා හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් 504,000 මුදලක් සන්තකයේ තබාගත් සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 29ක් හා 37ක්වේ.
මිනුවන්ගොඩ පොලිස් වසමේදී මඩිත්තගම දිවුලපිටිය ප්‍රදේශයේ නීතිවිරෝධි මත්පැන් ලීටර් 33ක් හා මිලිලීටර් 750ක් සන්තකයේ තබාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
රත්ගම පොලිස් වසමේ පොල්වත්ත රුපීවල ප්‍රදේශයේදී නීති විරෝධි මත්පැන් ලීටර් 58යි මිලි ලීටර් 500ක් සන්තකයේ තබාගත් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන රත්ගම පොලිසියට භාරදී තිබේ.
මේ සියලු සැකකරුවන් අදාල පොලිස් වසම්වල පොලිස් ස්ථානවලට භාරදීමට නියමිතයි.