චෙක් ජනරජයේ ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල් වශයෙන් කටයුතු කරනු ලබන වෛද්‍ය ලෝහිත සමරවික්‍රම මහතා (30) පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හාසුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යසදාසිවම් වියාලේන්ද්‍රන් මහතා අමාත්‍යංශයේදී හමුවිය.
මෙහිදී, නැගෙනහිර පලාතේ ආර්ථික,අධ්‍යාපන හා කෘෂි කාර්මික කටයුතු නංවාලීමට චෙක් ජනරජයේ සහයෝගය ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලීම් කරන ලදී. චෙක් ජනරජයෙ මෙන්ම යුරෝපා සංගමයේ සහයෝගයද නැගෙනහිර පලාතට ලබා දීමට අවශ්‍ය අවශ්‍ය කටයුතු ඉටු කිරීමට උත්සහ දරන බවට මෙහිදී කොන්සල් ජනරාල් වරයා එකඟ විය.
මෙම හමුවට පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍යඅමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, අමාත්‍යංශයේ උපදේශක සෙන්දිල් තොන්ඩමන් මහතාද සහබාගි විය.