26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රුපියල් මිලියන 29 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී...

රුපියල් මිලියන 29 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කෝවිලම් ප්‍රදේශයට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ අද (2021 ජූලි 06) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 98යි ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ගයෙන් සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව විසින් දිවයින වටා මුහුදු තීරය ආවරණය වන පරිදි මුර සංචාර වැඩිකරමින් නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානය මගින් P011 වෙරළබඩ මුර යාත්‍රාව යොදා ගනිමින් අද (2021 ජූලි 06) අළුයම යාපනය කෝවිලම් ප්‍රදේශයට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කර, එම යාත්‍රාවේ තිබූ ගෝනි 04ක අසුරන ලද තෙත බර සහිත කේරළ ගංජා කිලෝ 98යි ග්‍රෑම් 500ක පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03)  සහ එම ඩිංගි යාත්‍රා‍ව නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මෙම කේරළ ගංජා තොගය අන්තර් ජාතික මුහුදු සීමාවේදී ජාවාරම් කරුවන් විසින් ඩිංගි යාත්‍රාව වෙත ලබා ගෙන ගොඩබිමට ගෙන ඒමට උත්සාහකරන්නට ඇතැයි සැක කරන අතර, මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 29 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා (03) කිරන්චි, පේසාලේ සහ  පුනරීන් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, මෙම සැකකරුවන්, කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලීසිය වෙත භාර දීමට නියමිතව ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments