21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොවිඩ් රෝගය පාලනය කිරීමට කළයුතු වැඩපිළිවෙල තවදුරටත් උනන්දුවෙන් සිදුකිරීම ඉතාම වැදගත් බව...

කොවිඩ් රෝගය පාලනය කිරීමට කළයුතු වැඩපිළිවෙල තවදුරටත් උනන්දුවෙන් සිදුකිරීම ඉතාම වැදගත් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වාදෙයි.

ඇය පෙන්වා දෙන්නේ තවත් සති දෙකක් පමණ ගතවන විට රෝගය ආසාදනය වන සෑම 100 දෙනෙකුගෙන්ම 5 දෙනෙකු පමණ අසාධ්‍යවීමේ ප්‍රවණතාවයක් පවතින බවය.

කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ඒ බව සඳහන් කළාය.

“රෝගය ආසාදනය වෙන සෑම 100 දෙනෙකුගෙන්ම 5කට විතර අසාධ්‍යවීමේ ප්‍රවණතාවයක් තියෙනවා තව සති දෙකක් ඇතුළත. ඒකෙන් 2%ක් විතර මරණයට පත්වීමේ ප්‍රවණතාවයක් තියෙනවා තවත් සති දෙකක් විතර යනකොට. අපි අද නොසැලකිලිමත්ව හැසිරුණොත් අපිට ඉන්දියාවට වෙච්ච දේ වෙනවා කියන එක සැකයකින් තොරයි.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments