26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්“ජාතික ආර්ථිකය හා ග්‍රාමීය ආර්ථිකය නැංවීමට සිටින සුදුසු ම නායකයෙක් ලෙස බැසිල්...

“ජාතික ආර්ථිකය හා ග්‍රාමීය ආර්ථිකය නැංවීමට සිටින සුදුසු ම නායකයෙක් ලෙස බැසිල් රාජපක්ෂ මහතා හැඳින්විය හැකියි.”ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් මන්ත්‍රී සංසදයේ සභාපති කංචන ජයරත්න පවසයි

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් මන්ත්‍රී සංසදය විසින් බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට දිව්රුම් දී මේ රටේ වගකිව යුතු කැබිනට් ධූරයක් ලබාගන්නා ලෙස ඉල්ලා සිටියේ පසුගිය මහ මැතිවරණය අවසන් වීමෙන් පසුවයි. පළාත් සභා මන්ත්‍රි සංසදය හැටියට අපි ඒකමතිකව යෝජනාවක් සම්මත කළා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට දිව්රුම් දෙනවා වගේම වගකිව යුතු අමාත්‍යධූරයක් දරමින් මේ රටේ ආර්ථිකය ගොඩ නගන්නට අවස්ථාව ලැබෙන්න කියලා. ප්‍රමාද වී හෝ එම යෝජනාව ක්‍රියාත්මකවීම පිළිබද අද අපි සන්තෝෂ වෙනවා. එදා එම යෝජනාව සම්මත කිරීමට කටයුතු කරනු ලැබුවේ කරුණු කිහිපයක් මුලික කරගෙනයි. එතුමා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා හැටියටවත්, අපේ පක්ෂය ගොඩනැගීමට නායකත්වය දුන් නායකයා හැටියටත් නොවෙයි. මේ රටේ බොහොම දුෂ්කර තත්ත්වයකට පත්ව තිබු අවස්ථාවේ නැගෙනහිර නවෝදය, උතුරු වසන්තය වැනි වැඩපිළිවෙල තුලින් උතුරු නැගෙනහිර සිදු කළ සංවර්ධන ක්‍රියාවලියට සක්‍රීය දායකත්වය දුන්න කණ්ඩායමක් තමයි අපේ පළාත් සභා මන්ත්‍රී කණ්ඩායම. එතුමා නායකත්වය දුන් ගම නැගුම, දිවි නැගුම, ග්‍රාමිය මාර්ග කපට් යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය, සතිපොල ව්‍යාපෘතිය, මාතෘ සායන ගොඩනැගීමේ ව්‍යාපෘති වැනි දැවැන්ත ආර්ථීක, සමාජ සංවර්ධන වැඩසටහන් පසුගිය කාලයේ එතුමා ක්‍රියාත්මක කරන විට ගම්වල එම බර කර ගැහුවේ අපේ පළාත් සභා මන්ත්‍රී සංසදයේ සාමාජිකයින්. සමහර සාමාජිකයෝ පළාත් පාලන නියෝජිතයෝ වදිහටත්, සමහරෙක් පළාත් සභා මන්ත්‍රීවරු විදිහටත් කටයුතු කළා. එම නිසා අපි දන්නවා ගමේ ආර්ථීකය ගොඩ නගන්නට නම් එම ක්‍රියාවලියේ නායකත්වය බැසිල් රාජපක්ෂ මහතා බාරගත යුතුයි. පසුගිය කාලසීමාව තුල දී එතුමා එය ඔප්පු කර තිබෙනවා. රටේ ආර්ථිකය ගොඩනගන්න වගේම ග්‍රාමීය ආර්ථිකය ගොඩනගන්න එතුමාගේ දේශපාලන සහ ආර්ථික ක්‍රියාවලිය හරි ආකාරව ක්‍රියාත්මක වුනා.”

“මේ මොහොතේ රටේ ආර්ථිකය ගොඩනැගීමේ අභීයෝගය අතිවිශාලයි. එය ලෙහෙසි පහසු කාර්යක් නොවෙයි. එය දැවැන්ත අභීයෝගයක්ව තිබෙනවා. එම අභියෝගය ජයගැනීමට බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ගරු අග්‍රාමාත්‍යතුමාගේ සහ අතිගරු ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් සිදුකරන නව ආර්ථීක පුනර්ජීවන වැඩපිළිවෙළේ ග්‍රාමීය සමාජ ක්‍රියාකාරිකයින් ලෙස එයට උර දී කටයුතු කරන්න අප සියලු දෙනා බලා සිටිනවා. අද රටේ ජනතාවත් බලාපොරොත්තු වෙනවා මේ රටේ ආර්ථීකය ශක්තිමත් කර ඉදිරියට ගෙනයාමට වැඩක් කරලා පෙන්වපු, වැඩක් කරන්න හැකියාව තිබෙන ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා මෙම ආර්ථීක සංවර්ධන වැඩපිළිවෙළේ වගකීම බාර ගත යුතුයි කියන කරුණ. හෙට දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිව්රුම් දී මේ රටේ ආර්ථීකය මෙහෙයවීමේ නිල වගකීම බාර ගැනීමට බලාපොරොත්තුව සිටින බැසිල් රාජපක්ෂ මැතිතුමාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදයේ සුබ පැතුම් එකතු කරනවා.”

මෙම මාධ්‍ය හමුවේ දී වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි අධිකාරි, බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය සුනිල් ජයමිනි, බස්නාහිර පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී ගුණසිරි ජයනාත් යන මහත්වරු අදහස් දක්වන ලදි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments