29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනකුට සහ රාජ්‍ය අමාත්‍යාංශ 4ක ලේකම්වරුන් සඳහා පාර්ලිමේන්තුවේ උසස්...

කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනකුට සහ රාජ්‍ය අමාත්‍යාංශ 4ක ලේකම්වරුන් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ දී අනුමැතිය හිමි ව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මේ බව සඳහන් කර ඇත.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ දී එම ලේකම්වරුන් කැඳවා ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් එලෙස අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල මහතා ට, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ජි.එච්.කේ.කේ ගුණවර්ධන මහතා ට, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් දයා රත්නායක මහතාට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි ව ඇත.

ඔවුන්ට අමතරව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනෙත්‍රා ගුණවර්ධන මහත්මියට, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. අරුමෙයිනායගම් මහතාට ද, සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතාට ද, පොල්, කිතුල්, හා තල් වගා ප්‍රර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය සහ අපනයන විවිධාංගකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස තිස්ස හේවාවිතාරණ මහතාට ද අනුමැතිය හිමි ව තිබේ.
 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments