නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීයව පැවතීම හේතුවෙන් දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු
මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං අපේක්ෂා කරයි.
වැසි තත්ත්වය:
මන්නාරම සිට, කොළඹ, ගාල්ල සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.
සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. ත්‍රිකුණාමලය සිටකන්කසන්තුරය, මන්නාරම , පුත්තලම ,කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වාත් වැඩි විය හැක.
සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළගේ වේගය විටින් විට පැ.කි.මී.50 දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය:
මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ. ත්‍රිකුණාමලය සිටකන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.
මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම අනතුරුදායක වන අතර ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණු පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.
උතුරු මැද පළාතේ ද වැසි ස්වල්පයක් ඇති විය හැක.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා වන තද සුළං සහ උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා වන තද සුළං ඇතිවිය හැක.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 2021-07-10
නගරය උෂ්ණත්වය(සෙ. අංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 33 25 90 60 වැසි ස්වල්පයක්
මඩකලපුව 32 26 90 65 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක
කොළඹ 30 26 90 70 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ගාල්ල 29 26 90 80 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
යාපනය 33 28 85 65 වැසි වාර කිහිපයක්
මහනුවර 29 21 95 70 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
නුවරඑළිය 19 12 95 75 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
රත්නපුරය 30 24 95 70 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ත්‍රිකුණාමලය 34 26 90 55 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක
මන්නාරම 31 27 85 75 වැසි ස්වල්පයක්