23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනයේ අභිනව සේවා වනිතා සුභසාධක ගොඩනැගිල්ල විවෘත...

ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනයේ අභිනව සේවා වනිතා සුභසාධක ගොඩනැගිල්ල විවෘත කෙරේ.

නාවික හමුදා සේවයේ නියුතු නාවික පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය පෙරදැරි කර ගනිමින් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ මග පෙන්වීම මත ශ්‍රීලංනානෞ වළගම්බා  ආයතනයේ අභිනවයෙන් ඉදිකරන ලද සේවා වනිතා සුභසාධක ගොඩනැගිල්ල  නාවික  හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න ගේ සහභාගිත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2021 ජුලි  මස  07  වන  දින  විවෘත කෙරිණි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ‍රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා  නිෂාණි ජයරත්න මැතිණිය, ජ්‍යෙෂ්ඨ අධීක්‍ෂණ නිලධාරී සේවා වනිතා ව්‍යාපෘති කොමදෝරු සුජීව සෙනවිරත්න, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති හා එම මැතිණිය, ශ්‍රීලංනානෞ වළගම්බා ආයතනයේ අණදෙන නිලධාරී ඇතුළු ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින්, සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් සහ කාර්යය මණ්ඩලය සහභාගී වන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments