22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ගංවතුර අවදානමට පෙර නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කෙරේ.

ගංවතුර අවදානමට පෙර නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කෙරේ.

තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ඇති විය හැකි ගං වතුර අවධානම හමුවේ ජනතාවට සහන සැළසීම සඳහා කළුතර, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශ කිහිපයක් වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 08ක් යොමු කිරීමට අද (2021 ජූලි 10) නාවික හමුදාව කටයුතු කරන ලදී

ඒ අනුව, බටහිර නාවික විධානය මගින් කළුතර දිස්ත්‍රික්කයේ පරගොඩ ප්‍රදේශය වෙත එක් (01) සහන කණ්ඩායමක්ද, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර නව නගරය, දෙල්ගොඩ, කුකුළේගම සහ අයගම ප්‍රදේශ ආවරණය වන පරිදි සහන කණ්ඩායම් 05ක් ද, දකුණු නාවික විධානය මගින් හිනිදුම සහ ඒප්පල ප්‍රදේශයන් වෙත තවත් ආපදා සහන කණ්ඩායම් දෙකක් ද (02) යොමු කිරීමට මේ වනවිට කටයුතු කර ඇත.

තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත කඩිනමින් යොමු කිරීමට බටහිර නාවික විධානයේ නාවික හමුදා සහන කණ්ඩායම් 25 ද දකුණු නාවික විධානයේ අමතර නාවික හමුදා සහන කණ්ඩායම් 12ක් ද සූදානමින් තබා ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments