එහිදි දැක්වු අදහස් කෙටියෙන් මෙසේය.
• රථ වාහන අනතුරු අඩු කිරිමට පියවර රැසක්
• ශ්‍රී ලංකාවේ ලියාපදංචි රථවාහන ලක්ෂ අසූ තුනක්
• වසරක අනතුරු සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවන ලකුණු
ශ්‍රී ලංකාවේ දෛනිකව සිදුවන රිය අනතුරු නිසා ජීවිත හා දේපල හානිවීම විශාල ගැටළුවකි. රිය
අනතුරු ත්‍රස්තවාදයක් බවට පත්ව තිබේ. දිනකට රිය අනතුරු 3000ක් පමණ සිදු වේ. පොලීසියට
වාර්තා වන රිය අනතුරු සංඛ්‍යාව වසරකට 35000ක් 40000ක් අතර වුවද රක්ෂණ සමාගම්වලින්
ලබාගත් තොරතුරු අනුව වසරකට සිදුවන සතය රිය අනතුරු සංඛ්‍යාව ලක්ෂ 5ක් පමණ වේ.
ඉන් වැඩි වශයෙන් අනතුරට ලක්වන්නේ යතුරුපැදිකරුවන් හා පදිකයන්ය. වසරකට මරණයට
පත්වන සංඛ්‍යාව 3650ක් පමණ වේ.
නවතම දත්ත අනුව 2021 ජනවාරි 01 දා සිට අද(14) දක්වා රිය අනතුරුවලින් තුවාල ලැබූ සංඛ්‍යාව
7077කි. මරණයට පත්වූ සංඛ්‍යාව 1260කි. සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වු පිරිස 3000
ක් පමණය.
ශ්‍රී ලංකාවේ ලියාපදිංචි රථ වාහන සංඛ්‍යාව 8300000 ක් වන අතර එය 2010 ට සාපෙක්ෂව
දෙගුණයක්ව තිබේ. එහෙත් රථවාහන අධිකවීම රිය අනතුරු සඳහා බලපෑමක් නොවන බවට
කලින් කලට අනතුරු සංඛ්‍යාව අඩු වැඩි වීමෙන් ගම්‍ය වේ.
ප්‍රවාහන අමාතයාංශය, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, මෝටර් රථ ප්‍රවාහන
දෙපාර්තවම්න්තුව, ශ්‍රි ලංකා පොලිසිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඒකාබද්ධව පියවර රැසක්
ගෙක තිබුණද නීතිරිතිවලින් පමණක් රිය අනතුරු අඩු කළ වනාහැකිය. ඒ සඳහා මහජනතාවට
විශාල වගකීමක් තිබේ. වාහන 80000ක්ව පැවති වර්ෂ 1951 දී හඳුන්වා දුන් මෝටර් රථ
පනතට අවුරුදු 70ක් ගතව ඇති අතර මේ වන විට 32 වතාවක් සංශෝධන සිදු කොට ඇත.
2019 සංශෝධනය මගින් රුපියල් 25000 ක දඩයක් අයකෙරෙන විශේෂ වැරදි 5ක් හඳුන්වා
දෙනු ලැබීය.
රිය අනතුරු සිදුවිමට ප්‍රධානත ම හේතුව රියැදුරන්ගේ විනය පිරිහීමය. නොසැලකිළිමත්කම,
තෙහෙට්ටුව, සහ බීමත්කම අනෙකුත් සාධක ලෙස හඳුනාගෙන ඇත. මාර්ග අනතුරු වළක්වා
ගැනීමට නම් විශේෂයෙන් රියැදුරන් ස්වයං විනය පිළිබඳ පුරුදු පුහුණු කළ යුතුය.
රථවාහන අනතුරු වැළැක්වීමට වගන ඇති පියවර අතර රියැදුරු බලපත්‍රයේ කාලානුරූපව වෙනස්
කිරීම, දඩමුදල් ඉලෙක්ට්‍රොනිකව (විද්‍යුත් ක්‍රමයට) වගවීම හා කුසලතා ලකුණු ක්‍රමය හඳුන්වා
දීම විවශ්ෂ වේ.ඕස්ට්‍රේලියාව, අමෙරිකාව, සහ යුරෝපය වැනි සංවර්ධිත රටවල ක්‍රියාත්මක, කුසලතා
ලකුණු ක්‍රමය හඳුන්වාදීම සඳහා ක්‍රම 2ක් උපයෝගි කොට ගැනේ.
එනම් සී සී ටීවී කැමරා (CCTV) භාවිතවයන් රියැදුරන්ගේ ක්‍රියාකාරකම් අධීක්ෂණය හා රියැදුරන්ගේ
මාර්ග නීති කඩකිරිම්වලට ලකුණු ලබා දී යම් යම් ලකුණු සීමා පනවා, ඊට අනුකූලව රියැදුරු
බලපත්‍රය තාවකාලිකව හෝ සදාකාලිකව අත් හිටුවිමය.
කුසලතා ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා නීති හා දත්ත පද්ධති පවතින අතර ඒ සඳහා
අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරිමට මේ වන විට පියවර ගනිමින් තිබේ.
ඊට අමතරව මාර්ග තදබදය අඩු කිරීමට පියවරක් වශයෙන් වාහන අවහිර කරන යාචක ව්‍යාපාරය
නැවැත්වීමද තරඟකාරි රිය ධාවනය පාලනය කිරීමට සහ අදාළ විනය කරුණු පිළිබඳ අවවබෝධයක්
ලබාදීමට මගී ප්‍රවාහන රියැදුරන්ට දින 10ක විශේෂ පුහුණුවක් දීමට අපේක්ෂා කෙරේ.
( “ජන ජීවිතය හා මාර්ග අනතුරු” යන්න මාතෘකා කොට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙදී
(14) පැවැති මාධ්‍ය හමුවේදී අප රාධ හා රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහන මහතා සහ මෝටර්රථ ප්‍රවහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළ තොරතුරු ඇසුරෙනි,)