22.5 C
Sri Lanka
Thursday, June 26, 2025
Homeදේශීය පුවත්පුරාවිද්‍යා පනත සංශෝධනය දැනටමත් ආරම්භ කර තිබෙනවා එහි මුල් කෙටුම්පත අවසන්. ...

පුරාවිද්‍යා පනත සංශෝධනය දැනටමත් ආරම්භ කර තිබෙනවා එහි මුල් කෙටුම්පත අවසන්. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා ප්‍රකාශ කරයි

නීතියෙන් පමණක් පුරාවස්තු ආරක්ෂා කරගැනීමට කිසිදා නොහැකි බවත්, පුරාවස්තු ආරක්ෂා කරගැනීමට ජනතාවට වුවමනාවක් තිබිය යුතු බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලාංකේය ජාතික උරුමය,තර්ජන,අභියෝග හා අනාගතය මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ සම්මුඛසාකච්ඡාවකට එක්වෙමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ අදහස් දැක්වුයේය. පුරාවිද්‍යා පනත සංශෝධනය දැනටමත් ආරම්භ කර තිබෙනවා. එහි මුල් කෙටමුපත් සකස් කර අවසන් කිරීමෙන් පසු අදහස් ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආගමික උපදෙස් කමිටුව වෙත යොමු කර තිබෙනවා.
ස්වාමීන් වහන්සේ ගේ අදහස් ලැබුණු පසු මහජන අදහස් ලබාගැනීමට යොමු කර ඉන් පසු වසර අවසන් වීමට ප්‍රථම කැබිනට් මණ්ඬලයයට ඉදිරිපත් කර පාර්ලිමේන්තු පනතක් වශයෙන් සම්මත කර ගැනීමට හැකියාව ලැබේ.

ශ්‍රී ලංකවේ පුරා විද්‍යා උරුමය ආරක්ෂා කොට වත්මන් සහ ආනගත පරපුරට දායද කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව පුරා විද්‍යා ප්‍රවර්ධන අද්‍යක්ෂ දීපාල් විජේතිලක මහතා මෙහිදි කීය.එමෙන්ම විවිධ මාතෘකා යටතේ ප්‍රකාශන සහ ග්‍රන්ථ මාලාවක් එළිදක්වමින් පුරාවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රීය දැනුම සමාජගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

පාසැල් සිසුන් ඉලක්ක කර ගෙන අපේ උරුමය පිළිබඳ සරල බසින් ලියන ලද ග්‍රන්ථ එකතුවක් ප්‍රසිද්ධ කිරීමට අපේක්ෂා කරනවා. චිත්‍රකථා මාර්ගයෙන් පුරාවිද්‍යා පිළිබඳ දැනුවත් කිරීමේ පොත් පෙළක් නිකුත් කිරීමට පාසැල් සිසුන්, රාජ්‍ය නිලධාරීන්, සහ මහජනතාව ඉලක්ක කරගෙන දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළුපවත්වමින් පුරා විද්‍යාව පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments