26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ඔන්ලයින්වලින් ඉවත්වීමේ සටන නතර කරන්නේ සිය ගැටලු විසඳීම සඳහා වන සාධනීය පියවරක්...

ඔන්ලයින්වලින් ඉවත්වීමේ සටන නතර කරන්නේ සිය ගැටලු විසඳීම සඳහා වන සාධනීය පියවරක් ආණ්ඩුව පාර්ශ්වයෙන් ලැබුණොත් පමණක් බව ගුරු සංගම් පවසති.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඒ බව සඳහන් කළේය.

“අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ ඔන්ලයින්වලින් ඉවත්වීමේ සටන නතර කරන්නේ අපේ ප්‍රශ්නය විසඳීම සඳහා වන සාධනීය පියවරක් ඔබේ පැත්තෙන් ගත්තොත් පමණයි.”

ඒ අනුව ගුරු සංගම් 14ක් පසුගිය 12 වනදා ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වෙමින් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකය.

ගුරු සංගම් නායකයින් බලහත්කාරයෙන් නිරෝධායනයට ලක්කර වෘත්තිය සමිති සාමාජිකයින් මර්දනය කිරීමට එරෙහිව සහ වැටුප් විෂමතා ඉවත් නොකිරීමට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය අරම්භ කර තිබුණි.

මේ අතර කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනයට ලක්කර සිටි‍ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ඇතුළු පිරිස ඊයේ ඉන් මුදාහැර තිබුණි.

කෙසේවෙතත් ගුරු සංගම් සඳහන් කළේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් නොකිරීමට විරෝධය පළ කරමින් තවදුරටත් වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

මේ අතර කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් ජාතික ජනබලවේගය අද (17) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

කොළඔ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී එම විරෝධතාවය පැවැත්වුණි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments