කොළඹ ආදුරුප්පු වීදියේ ඊයේ (17) විශේෂකාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදී හෙරොහින් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බවට වාර්තාවෙනවා. මෙම මත්ද්‍රව්‍ය තිබුණු එම නිවසේ සිටි කාන්තාව හා ස්වාමී පුරුෂයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය මුළුතැන්ගෙහි ලිප අසල සඟවා තිබෙද්දි සොයාගෙන ඇත. අදාල සැකකරුවන් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී තිබෙනවා. මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 13ක් බවයි මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසන්නේ.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇත්තේ දැනට ඉන්දියාවේ සිටින කිඹුලාඇලේ ගුණා නැමැත්තාගේ සහෝදරයකුවන සුරේෂ් නැමැත්තා බවට තොරතුරු අනාවරණය වෙමිත් තිබෙනවා. මත්ද්‍රවශ්‍ය කාර්යාංශය හා විශේෂ කාර්ය බලකාය මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙනවා.
